යුද හමුදාවේ 314 දෙනෙකුට උසස්වීම්.

Sri Lanka Army Sri Lanka
By Hashini Oct 10, 2023 05:23 AM GMT
Hashini

Hashini

Report

ශ්‍රී ලංකා යුද හමුදාවේ 74 වන සංවත්සරය වෙනුවෙන් ශ්‍රී ලංකා යුද හමුදාවේ නිලධාරින් 314 දෙනෙකුට උසස්වීම් ලබා දී තිබෙනවා.

එම උසස්වීම් ආරක්ෂක අමාත්‍යංශයේ නිර්දේශ නැත ශ්‍රී ලංකා යුද හමුදාවේ නිලධාරින්ට මෙන්ම, සෙසු නිලයන් 1,565 දෙනෙකුට උසස්වීම් ලබා දී තිබෙනවා.

මේජර් ජෙනරාල් නිලයට බ්‍රිගේඩියර්වරුන් 07ක්, බ්‍රිගේඩියර් නිලයට කර්නල්වරුන් 12ක්, කර්නල් නිලයට ලුතිනන් කර්නල්වරුන් 37ක්, ලුතිනන් කර්නල් නිලයට මේජර්වරුන් 41ක් එලෙස උසස් කර තිබෙනවා.

එසේම යුද හමුදාව ප්‍රකාශ කළේ මේජර් නිලයට කපිතාන්වරුන් 50ක් (මේජර්වරුන් ඇතුළුව) ලුතිනන්වරුන් 84 දෙනෙකු කපිතාන් නිලයට (ක්වාටර් මාස්ටර් ඇතුළුව) සහ දෙවන ලුතිනන්වරුන් 83 දෙනෙකු ලුතිනන් (සාමාන්‍ය බලසේනාව සහ ස්වේච්ඡා බළකා) නිලයට උසස් කර තිබෙන බවයි. 


ReeCha