මෙරට විශ්ව විද්‍යාලයක සිසු සිසුවියන් 31කට කොරෝනා

sri lanka university Trincomalee covid 19
By Sithumi Jan 16, 2022 11:35 AM GMT
Sithumi

Sithumi

Report

නැගෙනහිර විශ්වවිද්‍යාලයට අයත් ත්‍රිකුණාමලය මණ්ඩපයේ පිහිටි ජන සන්නිවේදන හා ව්‍යාපාර අධ්‍යන පීඨය හා සිද්ධ ආයුර්වේද ඒකකයේ අධ්‍යාපනය ලබන සිසු සිසුවියන් 31 දෙනෙකුට ගෙවී ගිය දින කිහිපය තුළකොවිඩ්-19 වැළඳී ඇතැයි ත්‍රිකුණාමල නියෝජ්‍ය ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය වී. ප්‍රේම් ආනන්ද මහතා පැවසීය.

එහි සිටින ඇඹිලිපිටියේ සිසුවෙකු මුල් වරට කොරෝනා ආසාදිතයෙකු බවට හඳුනා ගෙන ඇති අතර ඒ අනුව සෙසු සිසු සිසුවියන්ගේ සිදු කළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ අනුව මේ බව තහවුරු වුණු බව නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා පැවැසීය. 

ඒ අනුව, එම ආසාදිතයින් විශ්වවිද්‍යාල පරිශ්‍රයේ වෙන ම නේවාසිකාගාරයක ද ආසාදිතයන්ගේ පළමු පෙළ ආශ්‍රිතයන් 140 දෙනෙකු නිරෝධායනය සදහා වෙන ම නේවාසිකාගාරයක ද රඳවා ඇතැයි ඔහු වැඩිදුරට ත් පැවසීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now