පාරිභෝජනයට නුසුදුසු සහල් කිලෝ 30,000ක් වටලයි...

Sri Lanka Court of Appeal of Sri Lanka Rice Public Health Inspector
By Parami Dissanayake Jun 14, 2024 06:22 PM GMT
Parami Dissanayake

Parami Dissanayake

Report

අද (14) දින ගලෙන්බිදුණුවැව මහජන සෞඛ්‍ය පරික්ෂකවරු විසින්, රජයේ සහනාධාර වැඩ පිළිවෙල යටතේ ගලෙන්බිදුණුවැව ප්‍රදේශයේ ග්‍රාම නිලධාරි වසම් දෙකක පදිංචි අඩු ආදායම් ලාභීන් පිරිසකට බෙදාහැරිමට ලොරි රථයකින් රැගෙන ආ මිනිස් භාරිභෝජනයට නුසුදුසු සහල් කිලෝ 30,000 ක් වැටලීමට සමත් වූහ.

එම සහල් තොගය රැගෙන ආ ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගත් අතර ඔහු වීරපුර,මනම්පිටිය ප්‍රදේශයේ පදිංචි 64 වියේ පසුවන රියදුරෙකි.

මහා පරිමාණයෙන් කරගෙන ගිය රට රැකියා ජාවාරම...

මහා පරිමාණයෙන් කරගෙන ගිය රට රැකියා ජාවාරම...

මෙම සහල් ලොරිය ගලෙන්බිදුණුවැව ප්‍රාදේශිය ලේකම් කාර්යාලයට රැගෙන ආ අවස්ථාවේ එම සහල් තොගය බෙදා හැරිමට පෙර එහි ප්‍රමිතිය පිළිබඳව සොයා බලන ලෙස ප්‍රාදේශීය ලේකම්වරයා විසින් ගලෙන්බිදුණුවැව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිගෙන් කළ ඉල්ලිමක් මත පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක අරුණ සෙනෙවිරත්න හා මහජන සෞඛ්‍ය පරික්ෂක පද්මසිරි බණ්ඩාර යන මහත්වරු විසින් සිදුකළ පරික්ෂණයේ දි මෙම සහල් තොගය මිනිස් ආහාරයට නුසුදුසු බවට තිරණය කර අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

දකුණු ආසියාවේ හොඳම අධ්‍යාපන ක්‍රමය ශ්‍රී ලංකාව තුළින් ...

දකුණු ආසියාවේ හොඳම අධ්‍යාපන ක්‍රමය ශ්‍රී ලංකාව තුළින් ...

එහිදි, පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක අරුණ සෙනෙවිරත්න මහතා පැවසුවේ, ලොරි රථයේ රියදුරා රුපියල් ලක්ෂ දෙකක ශරිර ඇප මත මුදා හරින ලද බවත් නැවත නඩු විභාගය අගෝස්තු මස 2 දින කැඳවීමටත් අධිකරණයෙන් නියම කළ බව ද පැවසී ය.

ReeCha