තරුණියන් තුන්දෙනෙකු දියේ ගිළී අතුරුදන්

By Sithumi Dec 30, 2021 03:33 PM GMT
Sithumi

Sithumi

Report

හන්වැල්ල තුම්මෝදර කුමාරි ඇල්ලේ දිය නෑමට ගිය එකම පවුලේ සහෝදරියන් 2කු ඇතුලු තරුණියන් 3දෙනෙකු (14, 15, 29) දියේ ගිලී අතුරුදන් වී ඇති බව පොලීසිය පවසයි..

තුම්මෝදර කුමාරි ඇල්ලේ දිය නෑමට ගිය යාපනයේ සිට පැමිණි අක්කා නගෝ සහ ඥාති සොයුරියක මියගොස් ඇතැයි පොලිසිය කියයි.

මෙම පිරිස වත්තල ප්‍රදේශයේ නිවෙසකට පැමිණ පසුව කුමාරි ඇල්ලේ දිය නෑමට ගොස් ඇතැයි පොලිසිය පවසයි. 

කුමාරි ඇල්ලේ ඉහළ ප්‍රදේශයට හිටි හැටියේ ධාරානිපාත වර්ෂාවක් ඇද හැලී ඇති අතර එකවර ජලපහර වැඩිවීමත් සමග දියනාමින් සිටි පිරිස තිදෙනකු ජල පහරට හසුව ගසාගෙන ගොස් අතුරුදන් වී ඇත. 

 එම පිරිස සමග තවත් සිව් දෙනකු දිය නෑමට පැමිණ ඇතැයි ද අතුරුදහන් වූවන් අතර වයස අවුරුදු 14,15 සහ 29 යන වයසේ පසුවන බව ද පොලිසිය සඳහන් කරයි.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now