BTS කණ්ඩායමේ තිදෙනෙකුට කොවිඩ්

By Sithumi Dec 27, 2021 10:50 AM GMT
Sithumi

Sithumi

Report

මෙරට යෞවනයන් අතර ජනප්‍රිය දකුණු කොරියානු BTS සංගීත කණ්ඩායමේ සාමාජිකයින් තිදෙනෙක්ට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 

 ඔවුන් සාර්ථක අමෙරිකානු සංචාරයකින් අනතුරුව නැවත දකුණු කොරියාවට පැමිණ තිබුණේ මීට දින කිහිපයකට පෙරදී ය. 

 කොවිඩ් වසංගතය හේතුවෙන් පසුගිය වසර දෙක තුළ ම ඔවුන් කිසිදු සංචාරයක් සඳහා එක්වී නොතිබුණි. 

එසේ ආසාදිත බවට තහවුරු වී ඇත්තේ එම කණ්ඩායමේ සාමාජිකයින් වන සුගා, ආර්එම් සහ ජින් යන තිදෙනාය