සැරයන්වරයෙකුගේ වෙඩි පහරකින් පොලිස් නිලධාරීන් තිදෙනෙකු ජීවිතක්ෂයට
තිරුක්කෝවිල් පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරි කළ පොලිස් සැරයන්වරයෙකු විසින් සිදුකළ වෙඩි තැබීමක් හේතුවෙන් එම පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ තවත් නිලධාරීන් තිදෙනෙකු මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරනවා.
මීට අමතරව මෙම වෙඩි තැබීම හේතුවෙන් තුවාල ලැබූ තිරුක්කෝවිල් පොලිස් ස්ථානයේ ස්ථානාධිපති සහ නිලධාරියෙකු කල්මුණේ අශ්‍රොෆ් අනුස්මරණ රෝහලට ඇතුළත් කර ඇති අතර, සෙසු නිලධාරියාගේ තත්ත්වය බරපතළ බැවින් මේ වනවිටත් හෙතෙම ප්‍රතිකාර ලබන්නේ දැඩි සත්කාර ඒකකයේ බවටයි වාර්තා වන්නේ.
සිද්ධියෙන් තුවාල ලැබූ තවත් අයෙකු ඇතුළත් කෙරුණේ, අක්කරෙයිපත්තුව මූලික රෝහලටයි. කෙසේවෙතත්, මෙම වෙඩි ප්‍රහාරය එල්ල කළ පොලිස් සැරයන්වරයා වෙඩි තැබීම සඳහා භාවිතා කළ ටී 56 වර්ගයේ ගිනි අවි දෙකක් සහ පතරොම් ගැබ් 18 ක් ද සමඟ තිරුක්කෝවිල් පොලීසියට කිලෝමීටර් 80ක් පමණ දුරින් පිහිටි ඇතිමලේ පොලිසියට භාර වී තිබෙනවා.
මෙම වෙඩි ප්‍රහාරය එල්ල කිරීමට හේතුව කුමක්දැයි මෙතෙක් අනාවරණය වී නැහැ. ඊයේ රාත්‍රි 10.00 ට පමණ මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර ඇති බවයි වාර්තා වන්නේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |