තරුණයින් තිදෙනෙක් අවාසනාවන්ත ලෙස මුහදට බිලිවුණු බිහිසුණු සිදුවීම
By Sithumi
දුන්ගල්පිටිය කැපුන්ගොඩ නැංගූරම් තොටුපල වෙරළ තීරයේ ඊයේ (01) සවස දිය නාමින් සිටි තරුණයින් 05 දෙනෙකු රළ පහරට හසු වී ගසාගෙන ගොස් ඇත.
එහිදී එක් තරුණයෙකු දිය පහරට හසු වී අතුරුදන් ව තිබේ. පොලීසිය ප්‍රදේශවාසීන්ගේ සහාය ඇතිව අනෙක් සිව්දෙනා බේරාගෙන ප්‍රතිකාර සඳහා මීගමුව රෝහල වෙත ඇතුළත් කර ඇත. එහිදී දෙදෙනෙකු මිය ගොස් තිබේ.
මෙලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 17ක් සහ 23ක් වන පමුණුගම හා ඒකල ප්‍රදේශවල පදිංචිව සිටි තරුණයින් දෙදෙනෙකි. අනෙක් දෙදෙනා ප්‍රතිකාර ලබා ගැනීමෙන් අනතුරු රෝහලෙන් පිටව ගොස් ඇත. අවුරුදු 21ක් වන අඹේවෙල ප්‍රදේශයේ පදිංචිව සිටි දියේ ගිලි අතුරුදන් වු අනෙක් තරුණයා සේවීමේ කටයුතු මේවන දිටත් සිදුකරණ බව පොලීසිය පවසයි. දුන්ගල්පිටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න. |