දරුණු අනතුරක් බෝට්ටුවක් පෙරළේ - තුන් දෙනෙක් මරුට
By Mithu
ඕමාන් වෙරළට ඔබ්බෙන් වූ මුහුදේදී බෝට්ටුවක් පෙරළීමෙන් ප්‍රංශ සංචාරකයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
ඕමාන් පොලිසිය සඳහන් කරන පරිදි, ප්‍රංශ සංචාරකයින්, සංචාරක මඟපෙන්වන්නෙකු සහ කපිතාන්වරයෙකු ඇතුළු පුද්ගලයින් 25 දෙනෙකු රැගෙන යාමට යොදාගත් බෝට්ටුව මෙලෙස අනතුරට ලක්වී ඇති බවයි.
අනතුර සිදු වූයේ ඕමාන් බොක්කේ පිහිටි සුල්තාන් කබූස් වරායේ සිට නාවික සැතපුම් 2.5 ක් දුරින් යාත්‍රා කරමින් සිටියදී ය. ජීවිතක්ෂයට පත් වූ තිදෙනාට අමතරව, තවත් සංචාරකයින් දෙදෙනෙකු සුළු තුවාල ලබා ඇති බවට වාර්තා වේ.
මෙම සිදුවීම සම්බන්ධයෙන් ප්‍රංශ විදේශ අමාත්‍යාංශය මෙතෙක් නිල ප්‍රකාශයක් නොමැති බවත් වාර්තා වේ.