ගුවන් හමුදා නිලධාරියාගේ නිවසේ අල්මාරිය පුරවලා උණ්ඩ

Report

වාද්දුව පොලීසිය සඳහන් කරන පරිදි, ගුවන් හමුදා කෝප්‍රල්වරයෙකුගේ නිවසක අල්මාරියක් තුළ ටී 56 ගිනි අවි සඳහා භාවිතා කරන ජීව උණ්ඩ 35 ක් සඟවා තිබීමේදී සොයා ගෙන ඇත.

කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ ගුවන් හමුදා කදවුරක රාජකාරි කරන කෝප්‍රල්වරයාගේ නිවස පිළිබඳ මෙලෙස ලැබුණු තොරතුරක් අනුව වාද්දුව පොලීසියේ අපරාධ අංශ නිළධාරීන් මොල්ලිගොඩ ප්‍රදේශයේදී පරීක්ෂණයක නිරත වූ අතර, අල්මාරියේ සඟවා තිබූ ජීව උණ්ඩ සොයාගැනීමට සමත්ව තිබේ.

මෙම උණ්ඩ සම්බන්ධයෙන් නිවසේ පදිංචි කාන්තාවකින් කළ ප්‍රශ්න කිරීමේදී, එම අල්මාරිය තම සැමියා භාවිතා කරන බවත් සඳහන් පොලීසිය සඳහන් කළේ, සැකකරු සේවය කරන ගුවන් හමුදා කදවුර දැනුවත් කර ඉදිරි ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි.

නාලන්දා විද්‍යාලයේ හෙඩ් ප්‍රීෆෙක්ට්ගේ සිද්ධිය සමාජ මාධ්‍ය කළඹයි - වීඩියෝව හදිස්සියෙම ලීක් වුණේ මේ හින්දා කියලා කවුද හිතුවේ

නාලන්දා විද්‍යාලයේ හෙඩ් ප්‍රීෆෙක්ට්ගේ සිද්ධිය සමාජ මාධ්‍ය කළඹයි - වීඩියෝව හදිස්සියෙම ලීක් වුණේ මේ හින්දා කියලා කවුද හිතුවේ

අලුත් 2000 නෝට්ටුව පිළිබඳව ලොකු අවුලක් - ජනතාව දැනුවත් කරයි

අලුත් 2000 නෝට්ටුව පිළිබඳව ලොකු අවුලක් - ජනතාව දැනුවත් කරයි