අලුත් 2000 නෝට්ටුව පිළිබඳව ලොකු අවුලක් - ජනතාව දැනුවත් කරයි

Report

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2025 අගෝස්තු 28 දින නිකුත් කළ රු. 2000 නව මුදල් නෝට්ටුව, ඇතැම් බැංකු ස්වයංක්‍රීය තැම්පත් (ATM) සහ මුදල් ගණනය කිරීමේ යන්ත්‍ර සඳහා ගැළපෙන්නේ නැති බැවින්, හැටන් ප්‍රදේශයේ පාරිභෝගිකයන් දැඩි අපහසුතාවයට පත්ව සිටින බවට වාර්තා වේ.

හැටන් ප්‍රදේශයේ රාජ්‍ය සහ පෞද්ගලික බැංකු කාර්යාලවලට ගිය පාරිභෝගිකයින්ගේ අනාවරණය අනුව, නව රු. 2000 නෝට්ටු ටේලර් යන්ත්‍රවලට ඇතුළත් කිරීමට උත්සහ කළ විට, එම යන්ත්‍රය එය ප්‍රතික්ෂේප කරන බවයි.

නාලන්දා විද්‍යාලයේ හෙඩ් ප්‍රීෆෙක්ට්ගේ සිද්ධිය සමාජ මාධ්‍ය කළඹයි - වීඩියෝව හදිස්සියෙම ලීක් වුණේ මේ හින්දා කියලා කවුද හිතුවේ

නාලන්දා විද්‍යාලයේ හෙඩ් ප්‍රීෆෙක්ට්ගේ සිද්ධිය සමාජ මාධ්‍ය කළඹයි - වීඩියෝව හදිස්සියෙම ලීක් වුණේ මේ හින්දා කියලා කවුද හිතුවේ

තවද, ඇතැම් පෞද්ගලික මුල්‍ය ආයතනවල මුදල් තැම්පත් කිරීමේදී, ගණනය කිරීමේ යන්ත්‍රවල නව රු. 2000 නෝට්ටුව ප්‍රතික්ෂේප වීම හේතුවෙන්, එම නෝට්ටු කාර්ය මණ්ඩල විසින් අතින් ගණනය කර භාර ගත යුතු බවත් වාර්තා වේ.

මෙම තත්වය, රු. 2000 නෝට්ටුව රාජ්‍ය සහ පෞද්ගලික ආයතනවල මුදල් ලබා ගැනීමේ, මුදල් බැර කිරීමේ සහ මුදල් ගණනය කිරීමේ යන්ත්‍රවලට යාවත්කාලීන නොකිරීම හේතුවෙන් උද්ගත වී ඇති බව, සේවකයින් පවසති.

මෙම අවස්ථාව පාරිභෝගිකයින්ට වැඩි දුෂ්කරතා ඇති කරන අතර, බැංකු ආයතනවල යන්ත්‍ර යාවත්කාලීන කිරීමේ අවශ්‍යතාව අවධාරණය වේ.

කොටස් වෙළෙඳපොළ අගයන් ඉහළට - අද අගයන් මෙන්න

කොටස් වෙළෙඳපොළ අගයන් ඉහළට - අද අගයන් මෙන්න