පඩි වැඩි කරන්නෙත් නෑ අපි බයවෙන්නෙත් නෑ - ඇමති කියයි
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසන්නේ වැඩි වැටුප් අපේක්ෂාවෙන් රට හැර යන බවට තර්ජනය කරමින් වරප්‍රසාද ඉල්ලා සිටින කණ්ඩායම්වලට රජය යටත් නොවන බවයි.
සෞඛ්‍ය අමාත්‍යාංශයට අලුතින් බඳවාගත් සෞඛ්‍ය සහකාර නිලධාරීන්ට පත්වීම් ලබාදීමේ උත්සවයකට එක්වෙමින් ඔහු පවසා සිඉට්යේ නිදහස් අධ්‍යාපනයේ ප්රතිලාභ ලබා මෙරට ආර්ථික දුෂ්කරතා තේරුම් ගනිමින් රට වෙනුවෙන් සේවය කිරීමට කැපවන පිරිසට අවශ්‍ය පහසුකම් ඉදිරියේදී ලබාදීමට රජය කටයුතු කරන බවයි.
"කවුරුහරි අපිට තර්ජනය කරන්න එනවා නම්, රට දාලා යනවා කියලා මොකක් හරි ඉල්ල ගත්තොත්, ඔවුන් තව දෙයක් පෙන්වා නැවතත් එවැනිම තර්ජන සිදුකරනු ඇති" බවත්, එවැනි අයට වඩා රට තුළ රැඳී සිටිමින් සේවය කරන පිරිස රජයට වැදගත් බවත් ඔහු පැවසීය.
රාජ්‍ය සේවකයාගේ වගකීම 2022 වසරේදී මෙරට ආර්ථිකය නිල වශයෙන් බංකොලොත් වූ බව ප්‍රකාශ කළ අසීරු අවධියක මෙම පත්වීම් ලාභීන් සේවයට එක්වන බව සිහිපත් කළ අමාත්‍යවරයා, රාජ්‍ය සේවය යනු සෙල්ලමක් නොවන බවත් එය දැඩි වගකීම් සහගත කාර්යයක් බවත් පෙන්වා දුන්නේය.
රාජ්‍ය සේවයට ඇතුළත් වූ පසු සාමාන්‍ය නිදහස් ජීවිතයට වඩා වගකීම් සහගත වෘත්තීය ජීවිතයකට හුරුවිය යුතු බවත්, දේශපාලන අධිකාරිය ද ඒ හා සමාන වගකීමකින් බැඳී සිටින බවත් අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා වැඩිදුරටත් කියා සිටියේය