නෙදර්ලන්ත තානාපති සහ ආරක්ෂක නියෝජ්‍ය ඇමති අතර විශේෂ නිල හමුවක්

Report

ශ්‍රී ලංකාවේ නෙර්දර්ලන්ත තානාපති Wiebe de Boer මහතා සහ ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා අතර නිල හමුවක් ඊයේ (26) කොළඹ පිහිටි නියෝජ්‍ය අමාත්‍යවරයාගේ කාර්යාලයේදී සිදුව තිබේ.

මෙම සුහද හමුවේදී, දෙරට අතර පවතින දිගුකාලීන ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට හැකි ප්‍රවේශයන් පිළිබඳ සාකච්ඡා කෙරුණු අතර, වැදගත් කරුණු කිහිපයක් පිළිබඳව ද අවධානය යොමු විය.

පසුගිය ස්වභාවික ආපදා තත්ත්වයේදී සහ ඊට අනතුරුව, යුරෝපා සංගමය සමඟ එක්ව නෙදර්ලන්ත රාජධානිය විසින් සැපයූ සහයෝගය පිළිබඳව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් සිය හෘදයාංගම කෘතඥතාව පළ කළේය.

නාලන්දා විද්‍යාලයේ හෙඩ් ප්‍රීෆෙක්ට්ගේ සිද්ධිය සමාජ මාධ්‍ය කළඹයි - වීඩියෝව හදිස්සියෙම ලීක් වුණේ මේ හින්දා කියලා කවුද හිතුවේ

නාලන්දා විද්‍යාලයේ හෙඩ් ප්‍රීෆෙක්ට්ගේ සිද්ධිය සමාජ මාධ්‍ය කළඹයි - වීඩියෝව හදිස්සියෙම ලීක් වුණේ මේ හින්දා කියලා කවුද හිතුවේ

තවද, ග්‍රාමීය මාර්ග පද්ධතිය සංවර්ධනය කිරීමෙන් ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමේ අරමුණින් ක්‍රියාත්මක වන “ග්‍රාමීය පාලම් සැලසුම් කිරීම සහ ඉදිකිරීමේ ව්‍යාපෘතිය”

සඳහා නෙදර්ලන්ත රජය ලබා දෙන අගනා දායකත්වයද මෙම අවස්ථාවේදී ඇගයන ලදී. මෑත කාලීන ස්වභාවික ආපදා වලින් පසුව ශ්‍රී ලංකාව ලබා ඇති ධනාත්මක ප්‍රගතිය පිළිබඳව තානාපතිවරයා ප්‍රශංසා කළ අතර, විශේෂයෙන් ආපදා අවදානම් අවම කිරීම සඳහා නෙදර්ලන්තයේ නුතන තාක්ෂණික ක්‍රමවේද සහ විශේෂඥ දැනුම හුවමාරු කිරීමට ඔවුන් කැපවී සිටින බවත් තහවුරු කර තිබේ.

සාකච්ඡාව අවසානයේ, දෙපාර්ශ්වයම සමීප සහ මිත්‍රශීලී සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට කැපවන බව ප්‍රතිඥා දී, ඉදිරියේදී සහයෝගීතාවය හා හවුල්කාරිත්වය තවදුරටත් වර්ධනය වන බවට සහතික වී තිබේ.