නරක ආරංචියක් - 3000කගේ රැකියා නැති වෙන්න යයි

Report

විදේශ රටවලින් තීරු බදු සහන යටතේ සම්පූර්ණයෙන් නිම කරන ලද ඇලුමිනියම් දොර ජනෙල් සහ කර්ටන් ​බෝල් ආදිය මෙරටට ගෙන ඒමට ලබාදී තිබෙන අවසරය නිසා ප්‍රධාන පෙළේ දේශීය ඇලුමිනියම් නිෂ්පාදන ආයතන ඇතුළු එම සේවාවල නිරතව සිටින තුන්දහසකට අධික පිරිසකගේ රැකියා අනතුරට ලක්ව තිබ්න බවට ශ්‍රී ලංකා ඇලුමිනියම් සැකසුම්කරුවන්ගේ සංගමය පවසයි.

ඒ අනුව මේ පිළිබඳව මුදල් අමාත්‍යාංශය, කර්මාන්ත අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සමග අවස්ථා කිහිපයකදී කළ සාකච්ඡාවලින් අනතුරුව ද ගැටලුවට විසඳුම් නොලැබීම හේතුවෙන් මෙසේ ප්‍රසිද්ධියේ ඒ බව ප්‍රකාශ කිරීමට තීරණය කළ බව කොළඹ පදනම් ආයතනයේදී ඊයේ (14) දින පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී එම සංගමයේ අධ්‍යක්ෂ ඩිල්ෂාන් ෆර්ඩිනැන්ඩෝ ප්‍රකාශ කළා.

හෙට සිට රටට වෙන දේ ගැන නිවේදනයක්

හෙට සිට රටට වෙන දේ ගැන නිවේදනයක්

ඔහු පැවසුවේ ඇලුමිනියම් කර්මාන්තය මඟින් ජාතික ආර්ථිකයට විශාල දායකත්වයක් ලැබුණු බවත් චීනය, තායිලන්තය සහ මැලේසියාව යන රටවලින් තීරු බදු සහන යටතේ නිමි ඇලුමිනියම් නිෂ්පාදන ගෙන ඒමට ඉඩ සලසාදීම හේතුවෙන් මේ වන විට ඇලුමිනියම් නිෂ්පාදක කර්මාන්තය මියයමින් තිබෙන බවත් ය.

කෙසේ වෙතත් ඔහු පෙන්වා දුන්නේ ජාත්‍යන්තර වෙළෙඳාමේදී භාණ්ඩ වර්ගීකරණයට අදාළ HS කේතයන්හිදී ඇලුමිනියම් Extrusion Nagative list තුළ ඇතුළත් වුවත් සම්පූර්ණයෙන් නිෂ්පාදිත නිමි දොර සහ ජනේල මෙන්ම කර්ටන් බෝල් ඊට ඇතුළත් කර නොමැති නිසා විවිධ ක්‍රම ඔස්සේ තීරුබදු සහන යටතේ මේවා රටට ගෙන එන බවයි.

එනිසා ඇලුමිනියම් නිෂ්පාදකයන් පමණක් නොව ටෙම්පර්ඩ් ග්ලාස්, ලැමිනේට් කළ සහ ඩබල් ග්ලේස්ඩ් වීදුරු නිෂ්පාදකයන්ගේ කර්මාන්තයද බිඳ වැටී ඇති බව අධ්‍යක්ෂවරයා සඳහන් කළා.

එළැඹෙන සති අන්තයේ සහ සඳුදා දින රට තුළ ඉන්ධන හිඟයක් - දිවයිනටම අනතුරු ඇඟවීමක්

එළැඹෙන සති අන්තයේ සහ සඳුදා දින රට තුළ ඉන්ධන හිඟයක් - දිවයිනටම අනතුරු ඇඟවීමක්

මේ හේතුවෙන් දේශීය ඇලුමිනියම් කර්මාන්තයේ නිරත ආයතන වැසී ගොස් ඒවායේ සේවය කරන අය මෙන්ම මෙම කර්මාන්තයේ නිරත තිස්දහසකට අධික පිරිසකට සිය ජීවනෝපාය අහිමි වනු ඇති බව ඔහු පෙන්වා දෙයි.

එමෙන්ම එහිදී අදහස් පළ කළ එම සංගමයේ අධ්‍යක්ෂ ලලිත් කුමාරගේ සඳහන් කළේ ඇලුමිනියම් නිෂ්පාදන සමාගම් පහට අමතරව මෙම ක්ෂේත්‍රයේ නිරත 20000ක් ඍජු වශයෙන් මෙයින් සිය ජීවනෝපාය සලසා ගන්නා බවයි.

එසේම ශ්‍රී ලංකාවේ ඉදිකිරීම්වලින් සියයට දහයක් (10%) ඇලුමිනියම්වලින් නිමවන බවත් ඔහු පැවසුවා. එහෙත් මේ සම්බන්ධයෙන් රජයේ අදාළ පාර්ශ්ව සමඟ සාකච්ඡා කළද නිවැරැදි පිළිතුරු ලැබී නොමැති බවත් ඔහු ප්‍රකාශ කළා.  

ලැබීම් අතින් යහපත් වුවත් මේ ලග්නවලට අද වැයපස අධිකයි - දවසේ ලග්නපලාපල මෙන්න

ලැබීම් අතින් යහපත් වුවත් මේ ලග්නවලට අද වැයපස අධිකයි - දවසේ ලග්නපලාපල මෙන්න

කිරි පිටි මිල පහළට - නව මිල මෙන්න

කිරි පිටි මිල පහළට - නව මිල මෙන්න