ශ්‍රී ලංකාවේ විදේශ ගමන් බලපත්‍රයට හම්බුන තැන මෙන්න

Report

2026 වසර වෙනුවෙන් හෙන්ලි විදේශ ගමන් බලපත්‍ර දර්ශකයේ ශ්‍රේණිගත කිරීම්හි ශ්‍රී ලංකාව 93 වැනි ස්ථානයට පත්ව ඇත.

ඒ අනුව සිංගප්පූරුව අඛණ්ඩව තුන්වැනි වසරටත් පළමු ස්ථානයේ සිටින අතර, සිංගප්පූරු විදේශ ගමන් බලපත්‍ර හිමියන්ට පූර්ව වීසා බලපත්‍රයක් ලබා නොගෙන රටවල් 192කට ප්‍රවේශය භුක්ති විඳිය හැකි බව සඳහන්.

එමෙන්ම ජපානය සහ දකුණු කොරියාව දෙවැනි ස්ථානයට පත්ව ඇති අතර, ඩෙන්මාර්කය සහ ලක්සම්බර්ග් පිළිවෙලින් රටවල් 188ක් සහ 186ක් සඳහා ප්‍රවේශය ලබා ගනිමින් තුන්වැනි ස්ථානයේ සිටින බව වාර්තා වේ.

ඊට අමතරව ඇෆ්ගනිස්ථානය 101 වැනි ස්ථානයේ අවසන් ස්ථානයට පත්ව ඇත්තේ රටවල් 24කට පමණක් ප්‍රවේශය ඇති අවස්ථාවකයි.

ජනවාරි 21 සිට මේ රටවල් 75ට වීසා නිකුත් කිරීම දින නියමයක් නොමැතිව කල් යයි

ජනවාරි 21 සිට මේ රටවල් 75ට වීසා නිකුත් කිරීම දින නියමයක් නොමැතිව කල් යයි

කෙසේ වෙතත් හෙන්ලි විදේශ ගමන් බලපත්‍ර දර්ශකයට අනුව, ඉකුත් වසරේ ශ්‍රී ලංකාව රටවල් 44කට ප්‍රවේශය ලබා ගනිමින් 96 වැනි ස්ථානයට පත්ව ඇති අතර, මෙම වසරේ එම රටවල් ගණන 39ක් වී ඇත.

ඒ අනුව මෙම දර්ශකයේ ශ්‍රී ලංකාවට පහළින් සිටින්නේ රටවල් 11ක් පමණයි. කෙසේ වෙතත් ශ්‍රී ලංකා විදේශ ගමන් බලපත්‍රය තවමත් සෙසු සාර්ක් රටවල් වන නේපාලය, බංග්ලාදේශය සහ පාකිස්ථානයට වඩා ඉහළින් සිටීම දක්නට ලැබේ.

හෙන්ලි විදේශ ගමන් බලපත්‍ර දර්ශකය ලෝකයේ සියලුම විදේශ ගමන් බලපත්‍ර ශ්‍රේණිගත කරන්නේ ඒවායේ හිමිකරුවන්ට පූර්ව වීසා බලපත්‍රයක් නොමැතිව ප්‍රවේශ විය හැකි ගමනාන්ත ගණන අනුව බව වාර්තා වේ.  

එළැඹෙන සති අන්තයේ සහ සඳුදා දින රට තුළ ඉන්ධන හිඟයක් - දිවයිනටම අනතුරු ඇඟවීමක්

එළැඹෙන සති අන්තයේ සහ සඳුදා දින රට තුළ ඉන්ධන හිඟයක් - දිවයිනටම අනතුරු ඇඟවීමක්

කිරි පිටි මිල පහළට - නව මිල මෙන්න

කිරි පිටි මිල පහළට - නව මිල මෙන්න