කොළඹ නගර සභාවේම බල්තසාර්ට අන්ත පරාජයක්

Report

කොළඹ මහා නගර සභාවේ මූල්‍ය කටයුතු සම්බන්ධයෙන් තීරණාත්මක බලතල සහිත මුදල් ස්ථාවර කාරක සභාව ඇතුළු ස්ථාවර කාරක සභා බහුතරයක බලය අත්පත් කර ගැනීමට විපක්ෂය ඊයේ (14) දින සමත්ව තිබුණා.

ඒ අනුව මෙම ජයග්‍රහණය සම්බන්ධයෙන් අදහස් දැක්වූ නගර සභා මන්ත්‍රී රෝයි බෝගහවත්ත මහතා කියා සිටියේ තමන් ඇතුළුව අනුර සුජීව, තරංග අතුරලිය, දයකාන්ත පෙරේරා සහ අර්ෂාද් නිසාම්දීන් යන මන්ත්‍රීවරුන් මුදල් කාරක සභාවට තේරී පත් වූ බවයි.

එසේම ඔහු අවධාරණය කළේ තේරී පත් වූ එම සාමාජිකයන් සියලු දෙනාම විපක්ෂය නියෝජනය කරන බවයි.

එමෙන්ම නගරාධිපතිනී ව්රායි කැලි බල්තසාර් මහත්මිය සහ නියෝජ්‍ය නගරාධිපති හේමන්ත වීරකෝන් මහතා නිල බලයෙන් මුදල් කාරක සභාව නියෝජනය කරයි.

මන්ත්‍රී පැන්ෂන් කපන කෙටුම්පත ගැන දැනුම්දීමක්

මන්ත්‍රී පැන්ෂන් කපන කෙටුම්පත ගැන දැනුම්දීමක්

මේ අතර ස්ථාවර කාරක සභා සඳහා නාමයෝජනා ඉදිරිපත් කිරීමේදී විපක්ෂයේ අපේක්ෂකයන් වෙනුවෙන් මන්ත්‍රීවරුන් 60 දෙනෙකු ඡන්දය භාවිත කර තිබුණා.

එය මෑතකදී පවත්වන ලද අයවැය ඡන්ද විමසීමට වඩා වෙනස් ප්‍රතිඵලයක් විය. එහිදී අයවැයට පක්ෂව ඡන්ද 58ක් හිමිවූ අතර විපක්ෂව හිමිවූයේ ඡන්ද 56ක් පමණයි.

කෙසේ වෙතත් බෝගහවත්ත මහතා වැඩිදුරටත් සඳහන් කළේ සභාවේ බහුතර ස්ථාවර කාරක සභාවල බලය විපක්ෂය සතු කරගත් අතර, පාලක ජාතික ජන බලවේගයට (NPP) පාලනය කළ හැක්කේ කාරක සභා කිහිපයක් පමණක් බවයි.

ඊශ්‍රායලයේ ඉන්න ශ්‍රී ලාංකිකයින්ට විශේෂ දැනුම්දීමක්

ඊශ්‍රායලයේ ඉන්න ශ්‍රී ලාංකිකයින්ට විශේෂ දැනුම්දීමක්

එමෙන්ම ස්ථාවර කාරක සභා තුළ විපක්ෂය බලවත් වුවද, පාලක පක්ෂය පවසන්නේ නගරාධිපතිනියට තවදුරටත් ධුරයේ කටයුතු කළ හැකි බවත් සඳහන්.

මේ අතර පාලක පක්ෂයට සහාය දැක්වීමට එක්වූ මන්ත්‍රී ටෝනි රම්සි මහතා පැවසුවේ පළාත් පාලන ආයතන ආඥා පනතට අනුව මුදල් කාරක සභාවේ ප්‍රධානත්වය නගරාධිපතිවරිය දැරිය යුතු බැවින් ඇයගේ ස්ථාවරය තවදුරටත් ශක්තිමත් බවයි.

ජනවාරි 21 සිට මේ රටවල් 75ට වීසා නිකුත් කිරීම දින නියමයක් නොමැතිව කල් යයි

ජනවාරි 21 සිට මේ රටවල් 75ට වීසා නිකුත් කිරීම දින නියමයක් නොමැතිව කල් යයි