බංග්ලාදේශයේ දැඩි නොසන්සුන්තාවයක් - ක්‍රීඩකයෝ සියලු තරගවලින් ඉවත්වීමට යයි
බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයේ (BCB) අධ්‍යක්ෂවරයෙකු වන එම්. නස්මුල් ඉස්ලාම් වහාම ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බව කියමින් එරට වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩකයින් සියලුම ක්‍රිකට් තරග වර්ජනය කරන බවට අනතුරු අඟවා ඇත.
ඒ අනුව ඔහු විසින් ක්‍රීඩකයින්ට අපහාස වන ලෙස සිදුකළ ප්‍රකාශ කිහිපයක් මෙම විරෝධතාවයට හේතු වී ඇති බවයි විදෙස් මාධ්‍ය පවසයි.
ඒ අනුව ජාතික සහ පළමු පෙළ ක්‍රීඩකයින් නියෝජනය කරන බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ සුභසාධක සංගමය (CWAB) අඳාළ නිවේදනය නිකුත් කර ඇත.
එසේම මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ නස්මුල් ඉස්ලාම්, බංග්ලාදේශ හිටපු නායක තමීම් ඉක්බාල් "ඉන්දීය ඒජන්තයෙකු" (Indian Agent) වශයෙන් හඳුන්වයි.
එමෙන්ම ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින්ගේ පක්ෂපාතිත්වය ප්‍රශ්න කරමින්, ඔවුන් මූල්‍ය සහ තේරීම් කටයුතු සම්බන්ධයෙන් බලධාරීන්ට බලපෑම් කිරීමට උත්සාහ කරන බවට ද ඔහු චෝදනා කරයි. ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ සුභසාධක සංගමය පාලක මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු මෙවැනි අගෞරවනීය ප්‍රකාශ නිකුත් කිරීම පිළිගත නොහැකි බවට අවධාරණය කර ඇත.
එමෙන්ම මාධ්‍ය සඳහන් කරන්නේ නස්මුල් ඉස්ලාම් ඉල්ලා අස්වන තෙක් ක්‍රීඩකයින් ජාත්‍යන්තර මෙන්ම දේශීය තරගවලින් ද ඉවත් වීමට සූදානම් බවයි.
එබැවින් දැනට පැවැත්වෙන බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් (BPL) තරගාවලියට ද බාධා එල්ල වීමේ තර්ජනයක් ඇත. ඒ පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය සඳහන් කර ඇත්තේ නස්මුල් ඉස්ලාම්ගේ ප්‍රකාශ ඔහුගේ පෞද්ගලික අදහස් මිස පාලක මණ්ඩලයේ නිල ස්ථාවරය නොවන බවයි.
තවද මේ පිළිබඳව අභ්‍යන්තර පරීක්ෂණයක් පවත්වන බව ද ඔවුන් වැඩිදුරටත් පැවසුවා.
කෙසේ වුවත්, අදාළ නිලධාරියා මෙතෙක් සිය ඉල්ලා අස්වීම ප්‍රකාශ කර නොමැති අතර, ක්‍රීඩකයින් සිය තීරණයේ දැඩිව රැඳී සිටින බැවින් බංග්ලාදේශ ක්‍රිකට් ක්ෂේත්‍රය තුළ දැඩි නොසන්සුන්තාවයක් හටගෙන ඇත.