පොලිස් ටෝච් එකට බය වුණ පාර වුණ අනතුරක් - ලෙඩ ඇඳේදිම පොලීසියට බරපතළ චෝදනාවක්

Report

මාර්ග රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් ඉදිරියෙන් පැමිණි යතුරුපැදියක් නිරීක්ෂණය කර එය නතර කිරීමට විදුලි පන්දම් එළිය දැල්වීමේදී යතුරුපැදියේ පැමිණි තරුණයින් දෙදෙනා අසල තිබූ අතුරු මාර්ගයකට යතුරුපැදිය හරවා වේගයෙන් ධාවනය කිරීමට කටයුතු කර ඇත.

එහිදී යතුරුපැදිය මාර්ගයේ යම් දුරක් ධාවනයවීමේදී ලිස්සා වැටී ඇති බව කලවංචිකුඩි පොලීසියේ ඉහළ නිලධාරියෙකු ප්‍රකාශ කළා.

මෙම සිද්ධිය සිදු වී ඇත්තේ මඩකලපුව දිස්ත්‍රික්කයේ කලවංචිකුඩි පොලිස් වසමට අයත් කුරුක්කල්මඩම් ප්‍රදේශයේදීයි.

එළැඹෙන සති අන්තයේ සහ සඳුදා දින රට තුළ ඉන්ධන හිඟයක් - දිවයිනටම අනතුරු ඇඟවීමක්

එළැඹෙන සති අන්තයේ සහ සඳුදා දින රට තුළ ඉන්ධන හිඟයක් - දිවයිනටම අනතුරු ඇඟවීමක්

අනතුරුව පොලිස් නිලධාරීන් පැමිණ අදාළ තරුණයින් දෙදෙනා රෝහල්ගත කර යතුරුපැදිය පොලිස් ස්ථානයට රැගෙන ගොස් ඇත.

එමෙන්ම පොලීසිය සඳහන් කළේ කිසිඳු අත්අඩංගුවට ගැනීමක් සිදු නොකළ බවයි. එසේ වුවත් අදාළ තරුණයින් චෝදනා කරන්නේ පොලිසිය පහරදීම හේතුවෙන් යතුරුපැදිය ලිස්සා වැටුණු බවයි.

බංග්ලාදේශයේ දැඩි නොසන්සුන්තාවයක් - ක්‍රීඩකයෝ සියලු තරගවලින් ඉවත්වීමට යයි

බංග්ලාදේශයේ දැඩි නොසන්සුන්තාවයක් - ක්‍රීඩකයෝ සියලු තරගවලින් ඉවත්වීමට යයි

සියලුම පාසල්වලට අධ්‍යාපන අමාත්‍යංශයෙන් විශේෂ නිවේදනයක්

සියලුම පාසල්වලට අධ්‍යාපන අමාත්‍යංශයෙන් විශේෂ නිවේදනයක්