රක්ෂිත බන්ධනාගාරගත කළ කස්සප හිමිට දානෙත් එපාලු - ප්‍රතික්ෂේප කරයි

Report

රක්ෂිත බන්ධනාගාරගත කළ පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන්ට බන්ධනාගාරයෙන් දිවා ආහාරයට ලබාදෙන දාන වේල උන් වහන්සේ විසින් ප්‍රතික්ෂේප කර ඇත.

ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (14) දින, ත්‍රිකුණාමලය කොටුව පාරේ පිහිටි ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝධිරාජ විහාරයට අයත් භූමියේ බුද්ධ ප්‍රතිමාවක් තැන්පත් කිරීමේදී ඇතිවූ නොසන්සුන්කාරී සිදුවීමට අදාළව පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු ස්වාමින් වහන්සේ සිව්නමක් සහ තවත් සැකකරුවන් 05 දෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළා.

පසුගිය නොවැම්බර් 16 වන දින ත්‍රිකුණාමලය කොටුව පාරේ පිහිටි ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝධිරාජ විහාර භූමියේ දහම් පාසල ඉදිකිරීමට මුල්ගල තැබීමෙන් අනතුරුව විහාරාධිපති හිමියන් හා දායක සභාව එම ස්ථානයේ බුද්ධ ප්‍රතිමාවක් තැන්පත් කිරීමට පියවර ගෙන තිබුණා.

එහෙත් එම ඉඩමේ ඉදිකිරීම් අනවසර බවට වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව පොලිසියට පැමිණිල්ලක් කර ඇතැයි පොලිසිය ස්වාමීන් වහන්සේ දැනුවත් කර ඇති අතර අනතුරුව එදින රාත්‍රීයේ බුද්ධ ප්‍රතිමාව එම භූමියෙන් ඉවත්කිරීමට පොලිසිය ක්‍රියා කළා.

බලංගොඩ කස්සප හිමි ඇතුළු හිමිවරුන් සිව් නමක් රිමාන්ඩ්

බලංගොඩ කස්සප හිමි ඇතුළු හිමිවරුන් සිව් නමක් රිමාන්ඩ්

එම අවස්ථාවේදී නොසන්සුන් තත්ත්වයක් හටගෙන තිබූ අතර පහරකෑමට ලක්වූ බව කියමින් ස්වාමීන්වහන්සේ දෙනමක් රෝහල්ගත කිරීමට පියවර ගත්තා. මේ අතර ඇතිවූ විරෝධතාව මත පසු දිනම යළිත් බුද්ධ ප්‍රතිමාව එම ස්ථානයේම තැන්පත් කිරීමට පොලිසිය කටයුතු කළා.

එවන් පසුබිමක ත්‍රිකුණාමලය ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝධිරාජ විහාරයේ කොටසක් කඩා ඉවත් කරන්නැයි වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව නිකුත් කර ඇති නියෝගයක් ක්‍රියාත්මක වීම වළක්වන ආඥාවක් නිකුත් කරන මෙන් අභියාචනාධිකරණය හමුවේ ගොනුකර තිබූ පෙත්සමක් පසුගිය නොවැම්බර් 19 වන දින සලකා බලා ඇත.

එහිදී ත්‍රිකුණාමලය ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝධිරාජ විහාරයේ ගැටලුව සාමකාමී ආකාරයෙන් විසඳාගන්නැයි අභියාචනාධිකරණය අදාළ පාර්ශ්ව වෙත දැනුම් දී තිබෙනවා.

එසේ වුවත් ත්‍රිකුණාමලය සම්බුද්ධ ජයන්ති විහාරස්ථානයේ ඇතිවූ ගැටලුකාරී සිදුවීම සම්බන්ධයෙන් වූ නඩුව ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණයේදී ඊයේ නැවත කැඳවා ඇත.

එහිදී අදාළ නඩුවේ සැකකරුවන් වශයෙන් නම්කර සිටි 11 දෙනා අතරින් 09 දෙනෙකු අධිකරණය හමුවේ පෙනී සිටි අතර එම පිරිස අතරට ත්‍රිකුණාමලය කොටුව පාරේ පිහිටි ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝධිරාජ විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය ත්‍රිකුණාමලය කල්‍යාණවංශ තිස්ස හිමියන්, පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන්, පූජ්‍ය ත්‍රිකුණාමලය සුඛිතවංශ තිස්ස හිමියන් සහ පූජ්‍ය නන්ද හිමියන්ද ඇතුළත් වුණා.

මාලිමා රජයට තවත් බරපතළ චෝදනාවක් - ලොක්කෙක් ඉල්ලා අස්වෙයි

මාලිමා රජයට තවත් බරපතළ චෝදනාවක් - ලොක්කෙක් ඉල්ලා අස්වෙයි

එහිදී සිදුවීම සම්බන්ධයෙන් ත්‍රිකුණාමලය වරාය පොලිසිය අධිකරණයට වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් සැකකරුවන්ට විරුද්ධව වෙරළ සංරක්ෂණ පනත උල්ලංඝනය කිරීම සහ අනවසර ඉදිකිරීම් යන චෝදනා යටතේ කරුණු දක්වා ඇත.

ඒ අනුව ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත්වරයා පූජ්‍ය ත්‍රිකුණාමලය කල්‍යාණවංශ තිස්ස හිමියන් සහ පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු ස්වාමින් වහන්සේ සිව් නමද, සෙසු සැකකරුවන් පස්දෙනාද ජනවාරි 19 වන දින තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර ඇත.

කොළඹ නගර සභාවේම බල්තසාර්ට අන්ත පරාජයක්

කොළඹ නගර සභාවේම බල්තසාර්ට අන්ත පරාජයක්