ලැබීම් අතින් යහපත් වුවත් මේ ලග්නවලට අද වැයපස අධිකයි - දවසේ ලග්නපලාපල මෙන්න

Report

🔴 මේෂ ලග්නය

විශේෂ සැලසුමකට අත ගසයි. ශාරීරික වෙහෙසීම් බහුල කරයි. අන්සතු වස්තු ලාභයකට ඉඩකඩ ඇති දිනයකි.

🔴 වෘෂභ ලග්නය

විශ්වාසවන්ත බැඳීමකට කරුණු ඇති කරයි. වෙනදාට වඩා වඩා අලංකාරයට සිටීමට කැමැති දිනයකි. වගකීමකින් නිදහස සැලසේ.

🔴 මිථුන ලග්නය

නැතිවූ දෙයක් නැවත හිමිකරයි. දරුවකු පිළිබඳ සතුටට පත්විය හැකි දිනයකි. සැනසිල්ලේ දවස ගත කරයි.

අන්සතු වස්තු ලාභයකට ඉඩකඩ ඇති අද දවසේ මේ ලග්නවල අය ප්‍රවේශම් වන්න - දවසේ ලග්න පලාපල

අන්සතු වස්තු ලාභයකට ඉඩකඩ ඇති අද දවසේ මේ ලග්නවල අය ප්‍රවේශම් වන්න - දවසේ ලග්න පලාපල

🔴කටක ලග්නය

ගතට සිතට චංචලකාරි බවක් ඇති කරයි. යොදාගත් සැලසුමක් ප්‍රමාදවීමට ඉඩ අත. අවිවේකී දිනයකි.

🔴සිංහ ලග්නය

අලුත් දේ ඉගෙනීමට කටයුතු උදා කරයි. වෙනදාට වඩා ඇවිදිලි වැඩිකරන දිනයකි. ලැබීම් සහිත කටයුතු කීපයක් යෙදේ.

🔴 කන්‍යා ලග්නය

විසිතුරු දේට ඇල්මක් දක්වයි. පවුලේ අය අතර කැපී පෙනෙන දිනයකි. උගත් දෙයින් ප්‍රයෝජන ලබා ගත හැකියි.

🔴තුලා ලග්නය

සිතේ ප්‍රීතියට හේතුවන දිනයකි. එදිනෙදා කටයුතු සාර්ථක කරයි. අලංකාරයට සිටීමට කැමැති අතර තෑගි බෝග හිමිකරයි.

🔴වෘශ්චික ලග්නය

සිතට වරින්වර බියක් ඇති කරයි. ළඟින් ඇසුරු කරන අයකුගේ දුරස්වීමක් සිදු කරයි. අවිවේකී දිනයකි.

හෙට සිට රටට වෙන දේ ගැන නිවේදනයක්

හෙට සිට රටට වෙන දේ ගැන නිවේදනයක්

🔴 ධනු ලග්නය

සිත් අමනාපකමක් දුරදිග යයි. හිතුවක්කාර තීරණයක් හේතුවෙන් තමාට අවාසි ඇති කරයි. සැලසුමක් ප්‍රමාද කරන දිනයකි.

🔴 මකර ලග්නය

අවිවේකී බවක් ඇති කරයි. ලැබීම් අතින් යහපත් වුවත් වැයපස අධික කරයි. පැරැණි හිතවත්කමක් අලුත් කරයි.

එළැඹෙන සති අන්තයේ සහ සඳුදා දින රට තුළ ඉන්ධන හිඟයක් - දිවයිනටම අනතුරු ඇඟවීමක්

එළැඹෙන සති අන්තයේ සහ සඳුදා දින රට තුළ ඉන්ධන හිඟයක් - දිවයිනටම අනතුරු ඇඟවීමක්

🔴 කුම්භ ලග්නය

සැනසිලිදායක බවක් ඇති කරයි. දරුවකුගේ දියුණුවක් දැකිය හැකි බවක් පෙනේ. ආගමික සැලසුමක් වෙනුවෙන් වෙහෙසෙයි.

🔴 මීන ලග්නය

ප්‍රමාද වූ කටයුතු කීපයක් සාර්ථක කර ගනී. හදිසි ගනුදෙනුවක් සිදුවීමට ඉඩ ඇත. ඥාතියකුට උපස්ථාන කිරීමට අවස්ථාව උදා කරයි.

කිරි පිටි මිල පහළට - නව මිල මෙන්න

කිරි පිටි මිල පහළට - නව මිල මෙන්න