දිට්වා කුණාටුව ගැන අනාවරණයක් - ජනතාව ආයෙත් අනතුරේ
දිට්වා සුලිකුනාටුවෙන් ආපදාවට ලක්වූ ප්‍රදේශවල 93%ක ජනතාවට ජීවනෝපාය අහිමි වී ඇති බවත් මේ හේතුවෙන් ජනතාව රැකියා අහිමිව තවත් දරුණු ආපදාවකට මුහුණ පා ඇති බවත් වාර්තා වේ.
එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන විසින් සමීක්ෂණ වාර්තාවක් එළිදක්වමින් පවසන්නේ දිට්වා සුළි කුණාටුවෙන් පසු යටිතල පහසුකම් නැවත ගොඩනැගීමේ කටයුතු සඳහා යම් යම් බාධා එල්ල වී ඇති බවයි.
දිට්වා සුළි කුණාටුවේ වඩාත්ම බලපෑමට ලක්වූ දිස්ත්‍රික්ක විසිදෙකෙහි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 85ක් ආවරණය කරමින් සිදුකළ සමීක්ෂණයකින් අනතුරුව වන අතර ප්‍රතිචාර දැක්වූවන්ගෙන් 95%ක්ම තම ප්‍රදේශවල නේවාසික, කාර්මික හෝ ප්‍රජා යටිතල පහසුකම්වලට හානි සිදුව ඇති බව සඳහන් කර ඇති අතර, ඒ අතරට නිවාස සහ මාර්ග වැඩි සංඛ්‍යාවක් ඇතුළත් බවත් සදහන් කර ඇත.
ඒ අනුව සුළි කුණාටුවෙන් හානියට පත් යටිතල පහසුකම් නැවත ගොඩනැංවීමේදී සහ අනුමැතීන් ලබාගැනීමේදී ඊට අදාළ ආයතන අතර පවතින දුර්වල සම්බන්ධීකරණය නිසා ප්‍රමාදයන් සිදුවන බවත් ඉදිකිරීම් කටයුතු සඳහා ගොඩනැගිලි ද්‍රව්‍යවල හිඟයක් පවතින අතර ඒ සඳහා අවශ්‍ය අරමුදල් ලබාගැනීමේදී ඇතැම් ජනතාවට සීමාවන්ට මුහුණදීමට සිදුව ඇති බවත් එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන වාර්තා කරයි.
අදාල වාර්තාවෙන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ ආපදාවට ලක්වූ ප්‍රදේශවල 93%ක ජනතාව සිය ජීවනෝපායන්ට බලපෑම් එල්ල වී ඇති බව සඳහන් කර ඇති අතර, ඔවුන්ගේ ජීවනෝපාය සුරක්ෂිත කරගැනීමට කඩිනම් පියවර ගැනීමේ අවශ්‍යය බවයි.