බයික්වලින් මාල කැඩූ මොරටුවේ මුතුවාත් අත්අඩංගුවට
සොරකම් කරන ලද යතුරුපැදිවලින් ගොස් රන්මාල කොල්ල කා පලා යන පුද්ගලයෙකු පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇත.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ, මොරටුව රාවතාවත්ත ද සොයිසා පාර ප්‍රදේශයේ පදිංචි 36 හැවිදිරි පුද්ගලයෙක්.
ඒ අනුව මොරටුවේ මුතුවා යන අනවර්ථ නමින් ප්‍රසිද්ධ සැකකරු මොරටුව, කොට්ටාව, පිළියන්දල, එගොඩ උයන සහ කැස්බෑව යන ප්‍රදේශයන්හි කාන්තාවන්ගේ ගෙල බැඳි රන්මාල කොල්ලකා පලා යන අයෙක් බව මූලික විමර්ශනවලදී හෙළිව තිබෙනවා.
එහිදී ඔහු සන්තකයේ හෙරොයින් මිලිග්‍රෑම් 7,500ක් ද තිබී ඇති බව ද පොලීසිය සඳහන් කළා.
ඉකුත් වසරේදී මොහු විසින් මොරටුවේ ස්වර්ණාභරණ අලෙවිසැලකට ස්වර්ණාභරණ මිලදී ගැනීමට යන මුවාවෙන් පැමිණ එහි තිබූ ලක්ෂ 10කට අධික වටිනාකමින් යුත් ආභරණ සොරකම් කරගෙන පලා ගොස් ඇති බව පවසයි.
අඳාළ සැකකරු මොරටුව සහ එගොඩඋයන ප්‍රදේශයන්හී නවතා තිබූ යතුරුපැදි දෙකක් සොරාගෙන ඒ්වායේ ගොස් කාන්තාවන්ගේ ගෙල බැදි රන්මාල මංකොල්ල කා පලා ගොස් ඇති බවට තොරතුරු හෙළිව තිබෙනවා.
කෙසේ වෙතත් පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ අධික ලෙස මත්ද්‍රව්‍යයට ඇබ්බැහිවී ඇති මෙම පුද්ගලයා මත්ද්‍රව්‍ය පානය කිරීමට මෙසේ රන්මාල කොල්ලකා ඇති අතර ඒවා උකස් ආයතනවලට උකස් කර මුදල් ලබා ගෙන ඇති බවයි.