නීති විරෝධී විදිහට ලංකාවට ගෙනාපු කෝටි 27ක විදේස් දුම්වැටි මාට්ටු
ශ්‍රී ලංකාව තුළට නීති විරෝධී ආකාරයට රැගෙන ඒමට උත්සහ කළ රුපියල් කෝටි 27කට අධික වටිනාකමකින් යුත් විදේශීය දුම්වැටි තොගයක් රාජසන්තක කිරීමට තීරණය කළ බව ශ්‍රී ලංකා රේගුව සඳහන් කරයි.
ඒ අනුව රේගුව සඳහන් කරන්නේ පහුගිය මැයි මස 25 වැනිදා සිට ජුලි මස 20 වැනිදා දක්වා අතර කාලය තුළදී ශ්‍රී ලංකා රේගුවේ කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපළේ රේගු නිලධාරින් අත්අඩංගුවට ගනු ලැබ තිබූ නීති විරෝධීව ශ්‍රී ලංකාවට ගෙන ආ විදේශීය දුම්වැටි දහඅට ලක්ෂ විසිහය දහස් හත්සිය අසූ අටක් (1,826,788) මෙසේ රාජසන්තක කර ඇති බවයි.
එමෙන්ම මෙම දුම්වැටි තොගයේ වෙළඳපල වටිනාකම රුපියල් විසිහත් කෝටි හතළිස් ලක්ෂ දහඅට දහස් දෙසියක් (274,018,200) පමණ වන බවද සඳහන්.
යම් ලෙසකින් මෙම දුම්වැටි දේශීය වෙළඳපළට නිකුත්වූවා නම් ඉන් රාජ්‍ය ආදායම් අහිමිවීම රු.297,668,674 ක් පමණ වන බවද පවසයි.
මේ අතර රේගුව කියා සිටියේ රේගු ආඥා පනතේ 12, 43 වන වගන්ති අනුවද 1999 අංක 8 දරන දුම්කොල පනත අනුවද ශ්‍රී ලංකාව තුළට දුම්වැටි රැගෙන ඒම හෝ ආනයනය කිරීම හෝ නීති විරෝධී ක්‍රියාවක් වන බවයි.
කෙසේ වෙතත් ඉහත සිගරට් තොගය විනාශ කිරීම ශ්‍රීලංකා රේගුවේ අධීක්ෂණයෙන් සහ දුම්කොළ සමාගමේ නියෝජිත පිරිසකගේ සහභාගිත්වයෙන් 11 වන දින පෙරවරු 9.30 ට කෙරවලපිටිය ඝන අපද්‍රව්‍ය විදුලිබලාගාරයේදී සිදුකෙරෙන බව වාර්තා වේ.