විවිධ පීඩාවන්ට ලක්වූ ශ්‍රී ලාංකිකයින් 268ක් දිවයිනට
Sri Lanka
By Thaya
විදේශ රැකියා සඳහා ගොස් විවිධ පීඩාවන්ට ලක්වූ ශ්‍රී ලාංකිකයින් පිරිසක් දිවයිනට පැමිණ තිබේ. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට ශ්‍රී ලාංකිකයින් 268 දෙනෙකු අද (04) අලුයම එලෙස දිවයිනට පැමිණි බව අද දෙරණ ගුවන්තොටුපොළ වාර්තාකරු පැවසීය. ඔවුන්ගෙන් වැඩි පිරිසක් ගෘහ සේවය සඳහා පිටත්ව ගිය කාන්තාවන්ය. අදාළ පිරිස නිරෝධායනය සඳහා රජයේ නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමුකර තිබේ.