අද බලයේ ඉන්නේ කර්මාන්තශාලා දාපු අය නෙමෙයි ගිනි තියපු අය සජිත්ගෙන් බරපතල චෝදනා

Report

හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස ආරම්භ කළ ඇඟලුම් කම්හල් 200 යටතේ ආරම්භ වූ ඇඟලුම් කර්මාන්තශාලා අද වැසී යෑමේ තත්ත්වයක් උද්ගත වී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සදහන් කර තිබේ.

විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළේ මේ වන විට MAS holding ආයතනයේ 96,000ක් සේවය කරන බව ත් ඉන් 26,000කට රැකියා අහිමි වීමට යන අතර රැකියා කරන ප්‍රමාණය 70,000ට අඩු කිරීමට ඔවුන් කටයුතු කරන බවයි.

දේශපාලන බලය පවත්වා ගන්න පාතාලය යොදාගෙන ඇමති විජේපාලගෙන් හෙළිදරව්වක්

දේශපාලන බලය පවත්වා ගන්න පාතාලය යොදාගෙන ඇමති විජේපාලගෙන් හෙළිදරව්වක්

තවද මේ සදහා හේතුව වනුයේ වත්මන් රජයට අමෙරිකානු බදු අඩු කර ගැනීමට නොහැකි වීම බව ත් මේ සාකච්ඡා රජයට හරියට ක්‍රියාත්මක කිරීමට නොහැකි බව ත් විපක්ෂ නායකවරයා කීවේය.

මේ ඇඟලුම් කර්මාන්තශාලා නිර්මාණය කිරීම නිසා ලෝක ප්‍රකට ඇඟලුම් සන්නාම මැසීම අප රටේ සිදු වුවත් අද එම කර්මාන්තශාලා වැසී යෑමේ තත්ත්වයක් උද්ගත වී ඇති බවත් එතුමා  සදහන් කර තිබේ.

 ඒ වගේම මේ සම්බන්ධව තව දුරටත් අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා සදහන් කළේ අද බලයේ සිටින්නේ කර්මාන්තශාලා විවෘත කළ අය නොව කර්මාන්තශාලා වසා දැමූ ගිනි තැබූ සහ සේවකයන් මහපාරට බැස්ස වූ අය බවයි.

''බාල ගල් අඟුරුවල බර ජනතාවට දෙන්නේ නෑ'' ගල් අගුරු ගැටළුව ගැන ඇමති නලින්ද කට අරියි

''බාල ගල් අඟුරුවල බර ජනතාවට දෙන්නේ නෑ'' ගල් අගුරු ගැටළුව ගැන ඇමති නලින්ද කට අරියි

 තවද වෙළෙඳ ගිවිසුම් පිළිබදව මොවුන්ට කිසිදු දැනුවත්භාවයක් නොමැති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පෙන්වා දුන්වා දී තිබේ.