බුදු අම්මෝ දවසකට මෙච්චර ගානක් වාර්තා වෙනවලු.. බෙහෙත් ගන්න යන ඔයා විමසිලිමත් වෙන්න..

By Piyumika Dec 08, 2024 02:04 AM GMT
Report

රෝහලට පැමිණෙන රෝගීන් ඇතුළු පුද්ගලයන්ගේ පසුම්බි සොරාගෙන එහි ඇති මුදල් ඇතුළු වටිනා දෑ ලබාගෙන පසුම්බිය රෝහල් පරිශ්‍රයේම ඇති කානු පද්ධතිය තුළ සිරකර යන බව රෝහල් පොලිසිය පවසයි.

අභිරහසක් ඉතිරි කර කෝලියත් යන්නම යයි...

අභිරහසක් ඉතිරි කර කෝලියත් යන්නම යයි...

රෝහලේ සේවය කරන පිරිසුදු කරන්නන්ට එම මුදල් පසුම්බි හසු වූ පසු ඔවුහු ඒවා රෝහල් පොලිසියට භාර දෙනු ලබති.

මෙලෙස රෝගීන්ගේ මුදල් පසුම්බි සොරාගනු ලබන්නේ මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වුවන් බව ද පොලිසිය අනාවරණය කරගෙන තිබේ.

මේ බලන්න මේ බලන්න හරි හුරතල්... රිදියගම දගකාරි ඩෝරා සහ හැඩකාර ලාරාගේ සිංහ පැටව්...(VIDEO)

මේ බලන්න මේ බලන්න හරි හුරතල්... රිදියගම දගකාරි ඩෝරා සහ හැඩකාර ලාරාගේ සිංහ පැටව්...(VIDEO)

කෙසේ වෙතත් එලෙස රෝහල් පොලිසිය තුළ ඇති ජාතික හැඳුනුම්පත් අදාළ පුද්ගලයන්ට තැපෑල හරහා යොමු කරන බවට පොලිසිය ප්‍රකාශ කළ ද රෝහලේ සේවකයන් පවසන්නේ පොලිසිය එම ජාතික හැඳුනුම්පත් තැපෑල හරහා යොමු කිරීමක් නොකරන බවයි.

දිනකට මෙවැනි ක්‍රියා 10කට ආසන්න ප්‍රමාණයක් වාර්තා වන බවත් ඒ පිළිබඳ අසාධාරණයට ලක් වූ රෝගීන් රෝහල් පොලිසියට පැමිණිලි කිරීමට ගිය ද එම නිලධාරින් ඒ පිළිබඳව සැලකීමක් නොදක්වන බවට චෝදනා එල්ල වේ.

You may like this video