2024 අයවැය නොවැම්බර් 13 වැනිදා.

Sri Lanka Parliament Ranil Wickremesinghe Sri Lanka Ministry of Finance Sri Lanka
By Hashini Nov 01, 2023 11:00 AM GMT
Hashini

Hashini

Report

 ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් 2024 අයවැය වාර්තාව මුදල් අමාත්‍යවරයා වශයෙන් නොවැම්බර් මස 13 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ අයවැය පිළිබඳ විවාදය නොවැම්බර් 13 සිට දෙසැම්බර් 13 දක්වා පැවැත්වෙන බවයි. 

ඒ අනුව අයවැය විවාදය දින 26 ක් පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර තිබෙනවා.

අයවැය දෙවැනි වර කියවීමේ විවාදය ලබන 14 වැනිදා සිට ආරම්භ වනවා.

එම විවාදය ලබන 21 දක්වා (ඉරිදා දින හැර) දින හතක් පැවැත්වෙනවා.

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර ඇත්තේ කාරක සභා අවස්ථාවේ විවාදය ලබන 22 සිට දෙසැම්බර් මස 13 වැනි දා දක්වා දින 19ක් පැවැත්වීමටයි.

අයවැය තෙවැනි වර කියවීමේ අවසාන ඡන්ද විමසීම දෙසැම්බර් මස 13 වැනිදා සවස 6.00ට පැවැත්වීමට නියමිතය.

පාලිමේන්තුවේ මහලේකම් නීතිඥ කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවේ සෑම දිනකම උදේ 9.00 සිට සිට සවස 6:30 දක්වා විවාදය පැවැත්වෙන බවයි.

ඡන්ද විමසීම පැවැත්වෙන දිනය හැර අන් සෑම දිනකම සවස 6 සිට 6.30 දක්වා සභාව කල්තබන අවස්ථාවේ විවාදයක් පැවැත්වෙන බවද පාර්ලිමේන්තු මහලේකම්වරිය වැඩිදුරටත් පැවසුවා. 

ReeCha