2022 T20 ලෝක කුසලාන තරඟ ගැන විශේෂ දැනුම් දීමක්..ලංකාවට වෙන දේ මෙන්න.

Australia Sri Lanka Indian Icc 2022 t20 World Cup
By Aruna Nov 16, 2021 08:26 AM GMT
Aruna

Aruna

Report

2022 T20 ලෝක කුසලාන තරග පැවැත්වෙන නගර 7 ප්‍රකාශයට පත්කෙරේ 2022 වසරේ විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග පැවැත්වෙන නගර පිළිබදව අද (16) ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නිවේදනය කර තිබේ.

ඒ අනුව ඔස්ට්‍රේලියාවේ නගර 7ක් නම් කර ඇත.

සිඩ්නි, ඇඩිලේඩ්, මෙල්බර්න්, පර්ත්, බ්‍රිස්බේන්, ගීලොන්ග් සහ හෝබාර්ට් යන නගරවල පැවැත්වෙනු ඇත.

එහි අවසන් පූර්ව තරග සිඩ්නි සහ ඇඩිලේඩ් හිදි පැවැත්වීමට නියමිතයි.

2022 විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට තරග 45ක් අයත්වන අතර, අවසන් මහා තරගය මෙල්බර්න් හිදි නොවැම්බර් 13 වැනිදා පැවැත්වීමට තීරණය කර තිබේ.

මේ වනවිට ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, පාකිස්තානය, එංගලන්තය, දකුණු අප්‍රිකාව, ඉන්දියාව, ඇෆ්ගනිස්තානය සහ බංග්ලාදේශය එම තරගාවලියට සුදුසුකම් ලබා සිටීයි.

කෙසේ වෙතත් සුපිරි 12 වටයට සුදුසුකම් ලැබීම සදහා ශ්‍රී ලංකාව, බටහිර ඉන්දීය කොදෙව්, නැමීබියාව සහ ස්කොට්ලන්තය මූලික වටයේ තරගවලින් ජයලබාගත යුතු වේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha