ගැහැණු පිරිමි එකට, එකවර 2000ක් නිරුවත් වෙයි..නිරුවත් කරන තැන සහ දෙන දේ මෙන්න.(PHOTOS)

United States of America
By Aruna Oct 26, 2022 12:22 AM GMT
Aruna

Aruna

Report

දහස් සංඛ්‍යාත පිරිසක් එකම ස්ථානයකදී නිරුවත්ව සිටීමේ අවස්ථා සංවිධාන කිරීම සම්බන්ධයෙන් ජනප්‍රියත්වයට පත්ව සිටින නිර්මාණ ශිල්පියෙකු වන ස්පෙන්සර් ටියුනික් සිය මීලග දර්ශන තලය සිඩ්නි නගරයේදී ඡායාරූපගත කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ සඳහා අවම වශයෙන් 2000 ක පිරිසක් සහභාගී විය යුතු අතර ඔවුන් සියලු දෙනාට කිසියම් ගෙවීමක් ද සිදුකිරීමට නියමිතයි.

ලබන නොවැම්බර් 26 වනදා සිඩ්නි වෙරළ තීරයේ ස්ථානයක මෙම ඡායාරූපගත කිරීම සිදුකිරීමටයි දැනට සැළසුම් කර ඇත්තේ.

චර්ම පිළිකාවල අවධානම පිළිබඳ දැනුවත් කිරීම සඳහා තමන් මෙම කටයුත්තේ නිරතවන බවයි ස්පෙන්සර් ටියුනික් කියාසිටියේ.

වර්තමානය වනවිට ලොව වැඩිම චර්ම පිළිකා මරණ වාර්තාවන රට බවටද ඔස්ටේ්‍රලියාව පත්ව සිටිනවා.

සෑම පැය 05 කට වරක් එවැනි මරණයක් මෙරටින් සටහන් වන අතර වසරකදී එලෙස වාර්තා වන මරණ සංඛ්‍යාව 2000 කට ආසන්නයි.

නොවැම්බර් 21 සිට 27 දක්වා පැවැත්වෙන චර්ම පිළිකා අවධානම් සතියට සමගාමීවයි මෙම කටයුත්ත සංවිධාන කර ඇත්තේ.

ස්පෙන්සර් ටියුනික් විසින් අවසන් වරට ඔස්ටේ‍රලියාව තුළදී මෙලෙස නිරුවත් දර්ශන තලයක් නිර්මාණය කරනු ලැබුවේ 2010 වසරේ මාර්තු මාසයේදීයි.

එහිදී සිඩ්නි ඔපෙරා රගහල අසලදි 5500 කට ආසන්න පිරිසක් එකවර නිරුවත්ව පෙනී සිට තිබුණා.

ඊට අදාලව සංස්කරණය කරන ලද ඡායා රූප පහතින් දැක්වේ.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now


GalleryGalleryGalleryGalleryGalleryGallery