ලොක් ඩවුන් සමයේ රුපියල් 2000 දීමනාව ලැබෙන්නෙ මේ අයටයි..

Covid Colombo Lock down 2000 allowance
By Aruna Aug 22, 2021 07:36 AM GMT
Aruna

Aruna

Report

නිරෝධායන ඇඳිරිනීතිය පැනවීම හේතුවෙන් කොළඹ දිස්ත්‍රික්කයේ ජීවනෝපාය අහිමි වූ පුද්ගලයින් සඳහා රුපියල් 2,000ක දීමනාව ලබාදීම එලඹෙන සතියේ සිට ආරම්භ කරන බවද කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතා පැවසීය.

එම දීමනාව ලබාදීම සඳහා මූලික වටයේදී 250,000කට අධික පිරිසක් හඳුනාගෙන ඇති බවද ඔහු සඳහන් කළේය.

ප්‍රාදේශීය ලේකම්වරු 13 දෙනා, සියලුම ග්‍රාම නිලධාරීවරුන්, සමෘද්ධි සංවර්ධන නිලධාරීන් සහ සංවර්ධන නිලධාරීන්ගේ මාර්ගයෙන් එම දීමනාව ලබාදීමට කටයුතු කරන බවද කොළඹ දිස්ත්‍රික් ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.

මේ අතර නිවෙස්වලට අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදාහැරීම සඳහා අවස්ථාව පවතින්නේ කොවිඩ් මර්දන එන්නත්කරණයට ලක්වූ ජංගම වෙළෙඳුන්ට පමණක් බව කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතා පවසයි.

එමෙන්ම ජංගම වෙළෙඳුන්ගෙන් භාණ්ඩ මිලදී ගැනීමේදී සිදුවන අපහසුතාවයන් පිළිබඳව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට, ග්‍රාම නිලධාරීවරයාට හෝ පාරිභෝගික කටයුතු අධිකාරියට දැනුම්දීමේ හැකියාව ඇති බවද ඔහු පැවසීය.

පසුගිය අවස්ථාවන්ට වඩා මෙවර දැඩි සුපරීක්ෂණයක් යටතේ එම කටයුතු අධීක්ෂණය කරන බවත් පාරිභෝගික කටයුතු අධිකාරියත් සමග අවශ්‍ය අවස්ථාවලදී වැටලීම් සිදුකරන බවත් ඔහු සඳහන් කළේය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha