මෙරට ලියාපදිංචි වාහන ලක්ෂ 20ක් භාවිතයෙන් ඉවත් කිරිමට රජය සැරසෙයි. හේතුව මෙන්න.

Sri Lanka
By Wayomi May 06, 2023 09:02 AM GMT
Wayomi

Wayomi

Report

ශ්‍රී ලංකාවේ ලියාපදිංචි වාහනවලින් වාහන ලක්ෂ විස්සකට ආසන්න සංඛ්‍යාවක් අසාදු ලේඛනගත කර භාවිතයෙන් ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා.

වසර පහකට වැඩි කාලයක් බලපත්‍ර ලබා ගෙන නොමැති සොයා ගැනීමට හෝ නොහැකි වාහන මෙලෙස අසාදු ලේඛන ගත කරන බවයි මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ අවධාරණය කරන්නේ.

මෙරට ලියාපදිංචිව ඇති සමස්ත වාහන අතරින් වාර්ෂිකව බලපත්‍ර අලුත් කර ගෙන ඇත්තේ වාහන ලක්ෂ පනස් පහක් පමණි.

ඒ බව නිරීක්ෂණය වී ඇත්තේ, වාහන බලපත්‍ර නිකුත් කිරීමට අනිවාර්යයෙන්ම ලබා ගත යුතු වායු විමෝචන පරීක්ෂණ සහතික පසුගිය වසර කිහිපයේම ලක්ෂ පනහත් පනස් පහක් වශයෙන් සටහන් වීමය.

ඒ , අනුව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ප්‍රධන දත්ත පද්ධතියට පළාත් සභා යටතේ ඇති මෝටර් රථ ප්‍රවාහන දෙපාර්ත​මේන්තු නවයෙහිම දත්ත එක් කිරීමට නියමිතයි.

මෙම තීරණය ගැනීමට ප්‍රධානම හේතුව වී ඇත්තේ, ඒවායේ ලියාපදිංචි සහතිකවලට අනුව සිදුවන ජාවාරම් මැඬලීම වීරසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කරන්නේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

JOIN NOW