මෙරට රෝහල් 20ක් වැසී යයි. - ඉදිරියේදී වැසී යා හැකි රෝහල් ගැනත් අනතුරු ඇඟවීමක්.

Sri Lanka Ministry of Health Sri Lanka Government Of Sri Lanka GMOA Sri Lanka Hospitals in Sri Lanka
By Wayomi Nov 09, 2023 08:43 AM GMT
Wayomi

Wayomi

Report

ලංකාවේ වැසී ගිය රෝහල් ගණන 20ක් දක්වා ඉහළ ගොස් ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන් ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා ප්‍රකාශ කරනවා.

මෑත කාලීනව වෛද්‍යවරුන් නොමැතිව එම රෝහල් වැසි ගොස් ඇති බවයි රජයේ වෛද්‍ය නිලධාරීන් ගේ සංගමය සිදු කළ සමීක්ෂණයක දී අනාවරණය වී ඇත්තේ.

ඔහු වැඩි දුරටත් පේනවා දෙන්නේ, එලෙස වැසී ගිය රෝහල් 20න් බහුතරයක් උතුරු, නැගෙනහිර, වයඔ, මධ්‍යම, පළාත්වල රෝහල් බවයි.

එමෙන්ම උපාධිධාරී වෛද්‍යවරයකු නැති රෝහල් 44ක් තිබෙන බව ද රජයේ වෛද්‍ය නිලධාරීන් ගේ සංගමය නිවේදනය කර ඇති අතර ඉදිරියේ දී වැසී යාමට නියමිත රෝහල් 95ක් තිබෙන බවත් සේවා අඩපණ වූ රෝහල් සමස්තයක් ලෙස 150ක් තිබෙන බවත් අවධාරණය කර තිබෙනවා.  

ReeCha