නීතිපති දෙපාර්තමේන්තුවේ නිල රථයපැහැරගත් දෙදෙනා රිමාන්ඩ් කිරීමට අධිකරණ නියෝග...

Report

ඡන්දය දැමීමට ගමට යෑම සඳහා නීතිපති දෙපාර්තමේන්තුවේ වාහන රැඳවුම් අංගනයේ නවතා තිබූ නිල රථයක් පැහැරගෙන යන ලදැයි සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයින් දෙදෙනා රිමාන්ඩ් භාරයේ තබන ලෙස අධිකරණය අද (24 වැනිදා) නියෝග කළේය.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, එම දෙපාර්තමේන්තුවේ ම පෞද්ගලික ආරක්ෂක අංශයේ ස්ථානාධිපතිවරයා සහ ආරක්ෂක කළමනාකාරවරයා ය.

මොවුන් මෙලෙස අත්අඩංගුවට ගත්තේ, නීතිපති දෙපාර්මේන්තුවේ නිල රථයක් පැහැරගෙන ගොස් ඇති බවට ලද රහසිගත තොරතුරක් මත කෙසෙල්වත්ත පොලිසියේ නිලධාරීන් කළ විමර්ශනයේදී ය.

කොළඹ ජනතාව ලක්ෂ 04ක් ම ඡන්දය දාලා නෑ...

කොළඹ ජනතාව ලක්ෂ 04ක් ම ඡන්දය දාලා නෑ...

කෙසේ වෙතත්, අත්අඩංගුවට ගත් එම සැකකරුවන් දෙදෙනා ලබන ඔක්තෝබර් මස 2 වැනිදා තෙක් රිමාන්ඩ් භාරයේ තබන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රත් හර්ෂණ කැකුණවෙල නිියෝග කළේය.

අදාළ සැකකරුවන් දෙදෙනා එම නිල රථය රහසිගතව නීතිපති දෙපාර්තමේන්තුවේ වාහන රැඳවුම් අංගනයේ සිට ගමට රැගෙන ගොස් දින 3 කට පසු නැවත රැගෙන විත් ඇති අතර, ඒ අතර නීතිපති දෙපාර්තමේන්තුව අසලදී වාහනය සමග සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.

මේ වසරේ අගෝස්තු මස උද්ධමනය පහළට...

මේ වසරේ අගෝස්තු මස උද්ධමනය පහළට...

කෙසේ වෙතත්, පොදු දේපළ පනත යටතේ සාවද්‍ය පරිහරණය හා විශ්වාසය කඩ කිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් දෙදෙනා රිමාන්ඩ් භාරයේ තබන ලෙස අධිකරණය නියෝග කළේ ය.