කොළඹ ජනතාව ලක්ෂ 04ක් ම ඡන්දය දාලා නෑ...

Report

මෙවර ජනාධිපතිවරණ ඡන්ද විමසීමේදී කොළඹ දිස්ත්‍රික්කයේ ලක්ෂ හතරකට ආසන්න පිරිසක් ඡන්දය ප්‍රකාශකර නැතැයි අනාවරණය වී තිබෙනවා.

ඒ අනුව, මැතිවරණ කොමිෂන් සභාවේ දත්තවලට අනුව වාර්තා වන්නේ, කොළඹ දිස්ත්‍රික්කයේ 399,165 ක් ඡන්දය ප්‍රකාශ කර නැති බවයි.

එමෙන් ම, ගම්පහ දිස්ත්‍රික්කයේ ද ඡන්දය ප්‍රකාශ කර නොමැති සංඛ්‍යාව 393,359 කි.

මේ වසරේ අගෝස්තු මස උද්ධමනය පහළට...

මේ වසරේ අගෝස්තු මස උද්ධමනය පහළට...

තව ද, මාතර දිස්ත්‍රික්කයේද 328,159 ක් සහ කුරුණෑගල දිස්ත්‍රික්කයේද 267,596 ක් ඡන්දය ප්‍රකාශ කර නැතැයි අනාවරණය වේ.

මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරන්නේ, සමස්තයක් ලෙස මෙවර ජනාධිපතිවරණ ඡන්ද විමසීමේදී 3,520,438 ක් ඡන්දය ප්‍රකාශ කර නැති බව යි.

ඉකුත් 2019 වසරේ පැවැති ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ නොකළ ඡන්දදායකයන් සංඛ්‍යාව 2,604,145 ක් බව ද වාර්තාවේ සඳහන් වේ.

කෙසේ වෙතත්, මෙලෙස ඡන්දය ප්‍රකාශ නොකළ ඇතැමුන් විදෙස් සේවයේ නිරතව සිටින්නන් ය.