නඩත්තුව සඳහා හිස් කළ ජලාශයේ බීමතින් දිය නෑ දෙදෙනෙක් අතුරුදහන්....
By Parami Dissanayake
නඩත්තු කටයුත්තක් සඳහා පොල්ගොල්ල ජලාශය හිස් කිරීම හේතුවෙන් ඉන් ජලය සපයන ප්‍රදේශ කිහිපයකටම ලබන විසි අටදා සිට පැය හැට පහක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාප වාහන මණ්ඩලයේ දැනුම් දී තිබෙනවා.
කෙසේ වෙතත්, එවන් පසුබිමක දී මෙම ජලාශයේ සිට වික්ටෝරියා ජලාශයට මුදා හැරෙන එක් දොරටුවක් ඊයේ විවෘතව පවතිනවා.
ඒ අනුව, එහි බීමතින් දිය නෑමට ගිය තරුණයින් පස් දෙනෙක් අතරින් දෙදෙනෙකු දියේගිලි අතුරුදන්වීමේ පුවතක් අද දහවල් වාර්තා වී තිබෙනවා.
පොලිසිය කළ විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, මෙම එක් තරුණයෙකුගේ මව විදේශගතව සිට මෙරටට පැමිණෙන විට රැගෙන ආ මත්පැන් බෝතලයක් පානය කිරීම සඳහා ඔවුන් එහි ගොස් ඇති බවත් ය.