ලොරි දෙකක් මුහුණට මුහුණට ගැටීමෙන් දරුණු රිය අනතුරක්.. (VIDEO)

By Sithumi Dec 27, 2021 10:13 AM GMT
Sithumi

Sithumi

Report

කන්තලේ, මොල්ලිපොතාන ප්‍රදේශයේ දී මාරක රිය අනතුරක් සිදුව තිබේ. අප වාර්තාකරු පැවසුවේ අනතුරින් එක් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බවය.   

ත්‍රිකුණාමලය සිට මැදිරිගිරිය දක්වා ගමන්ගත් සිමෙන්ති ලොරියක් හා මාතලේ සිට ත්‍රිකුණාමලය දක්වා ගමන් කරමින් තිබු ඩොලමයිට් පටවාගත් ලොරි රථයක් මුහුණට මුහුණට ගැටීමෙන් අනතුර සිදුව තිබේ. අනතුරින් සිමෙන්ති ලොරියේ රියදුරු එම ස්ථානයේ දීම මියගොස් ඇත. 

අනෙක් ලොරි රථයේ රියදුරු තඹලගමුව ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇති අතර, පසුව ත්‍රිකුණාමලය මහ රෝහලට මාරු කර යවා තිබේ. 

අනතුර අද (27) අලුයම 5.45ට පමණ සිදුව ඇත. අනතුරින් මියගොස් ඇත්තේ ගාල්ල, වලල්ලාවිට ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now