සොහොයුරියගේ විවාහ උත්සවය අවසන් වී ආපසු ගෙදර එද්දි බිහිසුණු අනතුරක් - මනාලියගේ මල්ලී සහ මිත්තණිය ජීවිතක්ෂයට
වේයන්ගොඩ පොලිස් බල ප්‍රදේශයේ මඟලෙගොඩ - නයිවල මාර්ගයේ ඊයේ පස්වරු 5.00ට පමණ වෑන් රථයක් මාර්ගය අසල විදුලි රැහැන් කණුවක ගැටී සිදුවූ රිය අනතුරකින් වෑන් රථයේ රියදුරු සහ වෑන් රථයේ ගමන් ගත් එම රියදුරුගේ මිත්තණිය ජීවිතක්ෂයට පත්ව ඇති බව වේයන්ගොඩ පොලිසිය සඳහන් කරයි.
එසේ මියගොස් ඇත්තේ වෑන් රථයේ රියදුරු වශයෙන් කටයුතු කළ වේයන්ගොඩ හීන්දෙනිය ප්‍රදේශයේ පදිංචිව සිටි නවෝද් චතුරංග නමැති 21 හැවිරිදි තරුණයකු සහ ඇගේ මිත්තණිය වූ w.A. වික්‍රමාරච්චි නැවති 80 හැවිරිදි කාන්තාවක් බව වාර්තා වේ.
මෙම අනතුර සිදුව ඇත්තේ වැඩිමහල් සොහොයුරියගේ විවාහ උත්සවය අවසන් වී වේයන්ගොඩ හීන්දනීය ප්‍රදේශයේ පිහිටි සිය නිවස කරා නැවත ගමන් කරමින් සිටියදීයි.
අගෝස්තු 15 ට පෙර වහාම ක්‍රියාත්මක වන්නැයි අනතුරු ඇඟවීමක් - OTPP, ලංකා බැංකුවේ සහ ඕනෑම මහජන බැංකු ශාඛාවකින් ගෙවීමේ පහසුකම්
ඒ අනුව මනමාලියගේ මල්ලි වෑන් රථය රියදුරු වශයෙන් කටයුතු කර ඇති අතර මනමාලියගේ මිත්තණිය, මව සහ පියා ඇතුළු 9 දෙනකු වෑන් රථයේ ගමන් කරමින් සිට ඇති බව පවසයි.
එමෙන්ම අනතුරින් පසු වෑන් රථයේ ගමන් ගත් සියලු දෙනා තුවාල ලබා ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව රියදුරු ලෙස කටයුතු කළ තරුණයා සහ මිත්තණිය මිය ගොස් ඇති බවත් සෙසු 7 දෙනා තවදුරටත් ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලේ ප්‍රතිකාර ලබන බවත් වේයන්ගොඩ පොලිසිය සඳහන් කරයි.
එමෙන්ම රියදුරට නින්ද යාම අනතුරට හේතු වී ඇති බව මූලික විමර්ශනවලදී හෙළි වී ඇත.