සියලු විරෝධතා මැද 18 වැනිදට විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහා වූ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට
ඉහළ අධිකරණවල විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහා වන 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත එළඹෙන 18 වැනි දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා සඳහන් කරයි.
ඒ අනුව අමාත්‍යවරයා සඳහන් කළේ, අධිකරණ ක්ෂේත්‍රයේ පවතින අඩුපාඩු නිවැරදි කර එහි කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට රජය ගෙන යන වැඩපිළිවෙළේ එක් සාධනීය පියවරක් වශයෙන් මෙම සංශෝධනය හඳුන්වා දෙන බවයි.
එම නව සංශෝධනයට අනුව, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දැනට පවතින අවුරුදු 65 සිට 67 දක්වා ද, අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 63 සිට 65 දක්වා ද ඉහළ නැංවීමට යෝජිත වේ.
අගෝස්තු 15 ට පෙර වහාම ක්‍රියාත්මක වන්නැයි අනතුරු ඇඟවීමක් - OTPP, ලංකා බැංකුවේ සහ ඕනෑම මහජන බැංකු ශාඛාවකින් ගෙවීමේ පහසුකම්
එමෙන්ම මේ සම්බන්ධයෙන් වන ගැසට් නිවේදනය ඉකුත් දා රජය මඟින් ප්‍රකාශයට පත් කර තිබුණා. කෙසේ වුවද මෙම පනත් කෙටුම්පතට එරෙහිව අධිකරණ සේවා සංගමය, ශ්‍රී ලංකා නීතිඥ සංගමය, විපක්ෂයේ දේශපාලන පක්ෂ මෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු ජාත්‍යන්තර ආයතන ද සිය විරෝධය පළ කර ඇති අතර ත්‍රෛනිකායික මහානායක හිමිවරුන් ද මෙම සංශෝධනය සම්බන්ධයෙන් සිය දැඩි අකමැත්ත ප්‍රකාශ කර ඇති බව වාර්තා විය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121 වැනි ව්‍යවස්ථාවට අනුව, පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර පළමු කියවීමෙන් අනතුරුව දින 14ක කාලයක් ඇතුළත ඕනෑම පාර්ශවයකට එය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කිරීමේ හැකියාව ඇත.
එසේම එවැනි පෙත්සම් ඉදිරිපත් වුවහොත්, දින 3ත් 21ත් අතර කාලයක් තුළ ශ්‍රේෂ්ඨාධිකරණය සිය තීරණය පාර්ලිමේන්තුවට දැනුම් දිය වුතු වේ. මේ අතර ශ්‍රී ලංකා නීතිඥ සංගමය සහ විවිධ සිවිල් සංවිධාන මෙම පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් ගොනු කිරීමට සූදානමින් සිටින බවට ද වැඩිදුර තොරතුරු වාර්තා වේ.