වීරකැටියේ වෙඩි තැබීමක් - ඉලක්කය 20 හැවිරිදි තරුණයෙක්
වීරකැටිය, අග්‍රහැර ප්‍රදේශයේදී අද (14) පෙරවරුවේ සිදු වූ වෙඩි තැබීමකින් තුවාල ලැබූ 20 හැවිරිදි තරුණයෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා තංගල්ල මූලික රෝහලට මාරු කර යවා තිබේ.
අදාළ තරුණයා ඉලක්ක කර ගනිමින් ඔහුගේ නිවස ඉදිරිපිටදී මෙම වෙඩි තැබීම සිදු කර ඇති අතර, ප්‍රහාරයෙන් ඔහුගේ කලවා ප්‍රදේශයට තුවාල සිදුව ඇති බව පොලීසිය ප්‍රකාශ කළේය.
වෙඩි වැදීමෙන් තුවාල ලැබූ තරුණයා ප්‍රථමයෙන් වීරකැටිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව, වැඩිදුර ප්‍රතිකාර සඳහා මෙලෙස තංගල්ල මූලික රෝහල වෙත මාරු කර යවා ඇත.
සිද්ධියට හේතුව සහ සැකකරුවන් අනාවරණය කර ගැනීම සඳහා වීරකැටිය පොලීසිය මඟින් විශේෂ විමර්ශනයක් ක්‍රියාත්මක කරනු ලබයි.