දිවයින වටා මුහුදු ප්‍රදේශ රැසකට තද සුළං සහ රළු මුහුදු තත්ත්වය පිළිබඳ විශේෂ නිවේදනයක්

Report

මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වාත්, කන්කසන්තුරේ සිට මන්නාරම සහ පුත්තලම හරහා හලාවත දක්වාත් වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් තද සුළං සහ රළු මුහුද පිළිබඳ “අම්බර්” නිවේදනයක් නිකුත් කර තිබේ.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, මෙම මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකි අතර පැයට කිලෝමීටර් 55ත් 60ත් අතර වේගයකින් තද සුළං ඇතිවීමේ හැකියාවක් පවතින බවයි.

මේ හේතුවෙන් අදාළ මුහුදු ප්‍රදේශවල ධීවර හා නාවික කටයුතුවල නිරත වන ධීවරයින් සහ නාවිකයින්ට කාලගුණ තත්ත්වය පිළිබඳ දැඩි අවධානයෙන් පසුවන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

අද දිනය පුරා රටේ වෙන්න යන්නේ මේකයි - දිවයිනටම නිවේදනයක්

අද දිනය පුරා රටේ වෙන්න යන්නේ මේකයි - දිවයිනටම නිවේදනයක්