EPF-ETF වෙනුවට විශ‍්‍රාම වැටුපක්.. අවු 55 සම්පූර්ණ වූ පසු ලැබෙන විශාල මුදල වෙනුවට මාසික වැටුපක් දෙන්න යන බවට බරපතළ චෝදනාවක්

Report

සේවක අර්ථසාධක අරමුදල (EPF) සහ සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් මණ්ඩලය (ETF) ඒකාබද්ධ කිරීමට රජය ගෙන ඇති තීරණයට සහ EPF පනත සංශෝධනය කිරීමට එරෙහිව පෞද්ගලික සේවක මධ්‍යස්ථානය සිය දැඩි විරෝධය පළ කර සිටින බව වාර්තා වේ.

ඒ අනුව එම මධ්‍යස්ථානයේ නියෝජිත පිරිසක් මේ සම්බන්ධයෙන් කම්කරු අමාත්‍යවරයා වෙත සංදේශයක් භාර දීමට නාරාහේන්පිට පිහිටි කම්කරු අමාත්‍යාංශය වෙත පැමිණි බව සඳහන්.

එහිදී අදහස් දැක්වූ එම මධ්‍යස්ථානයේ ලේකම් දුමින්ද නාගමුව මහතා කියා ඇත්තේ, වයස අවුරුදු 55 සම්පූර්ණ වූ පසු සේවකයින්ට ලැබෙන විශාල මුදල වෙනුවට එය මාසික විශ්‍රාම වැටුපක් වශයෙන් ලබා දීමට රජය සාකච්ඡා කරමින් සිටින බවයි.

අගෝස්තු 15 ට පෙර වහාම ක්‍රියාත්මක වන්නැයි අනතුරු ඇඟවීමක් - OTPP, ලංකා බැංකුවේ සහ ඕනෑම මහජන බැංකු ශාඛාවකින් ගෙවීමේ පහසුකම්

අගෝස්තු 15 ට පෙර වහාම ක්‍රියාත්මක වන්නැයි අනතුරු ඇඟවීමක් - OTPP, ලංකා බැංකුවේ සහ ඕනෑම මහජන බැංකු ශාඛාවකින් ගෙවීමේ පහසුකම්

එසේම එය කම්කරු ජනතාවගේ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් බවට ඔහු අවධාරණය කර ඇති බව සඳහන්. එමෙන්ම ඉකුත් ජුනි මාසයේ සිට සේවක අර්ථසාධක අරමුදල (EPF) සහ සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් (ETF) ඒකාබද්ධ කර ත්‍රිපාර්ශ්වීය පාලන ව්‍යුහයක් යටතට පත් කිරීමට රජය උත්සාහ කරන බවත්, ශ්‍රී ලංකාව අත්සන් කර ඇති ජාත්‍යන්තර සම්මුතීන් අනුව එවැනි ක්‍රියාවලියකට රජය නීත්‍යානුකූලව බැඳී නොමැති බවත් නියෝජිතයෝ පෙන්වා දෙන බව වාර්තා වේ.

මේ අතර වත්මන් රජය කම්කරු ජනතාව පාවා දෙමින් මෙම අරමුදල් කොල්ලකෑමට උත්සාහ කරන බවට චෝදනා කළ නාගමුව මහතා, මීට පෙර රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කළ ප්‍රතිපත්තිම අද ක්‍රියාත්මක වන බවට ද චෝදනා කළ බව සඳහන්.

ඒ අනුව මෙම තීරණයට එරෙහිව වීදි බැස සටන් කිරීමට සූදානම් වන ලෙස ඔහු සමස්ත වැඩකරන ජනතාවගෙන් ඉල්ලා සිටින බව සඳහන්.

අද සහ හෙට බලපැවැත්වෙන පරිදී පොලීසියෙන් විශේෂ නිවේදනයක් - රාත්‍රී 7 සිට ක්‍රියාත්මකයි

අද සහ හෙට බලපැවැත්වෙන පරිදී පොලීසියෙන් විශේෂ නිවේදනයක් - රාත්‍රී 7 සිට ක්‍රියාත්මකයි

විභාග අපේක්ෂකයින් කළඹමින් අද උසස් පෙළ විභාගය ගැන අසත්‍ය පුවතක් පළ කළ අයට වැඩ වරදී - අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ඉල්ලීමක්

විභාග අපේක්ෂකයින් කළඹමින් අද උසස් පෙළ විභාගය ගැන අසත්‍ය පුවතක් පළ කළ අයට වැඩ වරදී - අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ඉල්ලීමක්

සුබ ආරංචියක් - මේ උපාධිධාරීන් රාජ්‍ය සේවයට

සුබ ආරංචියක් - මේ උපාධිධාරීන් රාජ්‍ය සේවයට