වෙරළකින් භයානක ලෙස මළ සිරුරු දෙකක් හමුවේ..
Srilanka
beach
By Sithumi
වැල්ලවත්ත මුහුදු තීරයේ තිබී පුද්ගල මළ සිරුරු දෙකක් හමු වූ බව වැල්ලවත්ත පොලිසිය පවසයි. වැල්ලවත්ත රාම ක්‍රිෂ්ණා පාර ඉදිරිපිට වෙරළේ ගෙල කපා මරා දැමු බවට සැකකරන පුද්ගලයකු සිරුරක් සොයාගෙන ඇති අතර ආසන්නයේ තිබී පිහියක් සොයා ගැනීමට හැකි වූ බව පොලිසිය පවසයි
. අනෙක් පුද්ගල මළ සිරුර වැල්ලවත්ත ප්‍රදේශයේ මුවර් පාර ඉදිරිපිට වෙරළේ තිබී සොයා ගැනීමට හැකි වූ බව පොලිසිය සඳහන් කරයි.
මිය ගිය පුද්ගලයන් දෙදෙනා මෙතෙක් හදුනා ගෙන නොමැති බවත් කොම්පඤ්ඤවීදිය පොලිස් ස්ථානයේ රෙක්ස් නැමැති නිල සුනඛයා විසින් අවට පරික්ෂා කිරිම් සිදු කරන ලදී.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |