දරුවන් දෙදෙනා අතුරුදන් වී දින 39ක්.. බිහිසුණු අභිරහසේ සැගවුණු තතු (VIDEO)

By Sithumi Jan 02, 2022 02:16 AM GMT
Sithumi

Sithumi

Report

දින 39ක් තිස්සේ අතුරුදන්ව සිටින කොටදෙණියාව ප්‍රදේශයේ පිරිමි දරුවන් දෙදෙනා සම්බන්ධයෙන් තවමත් කිසිදුතොරතුරක් අනාවරණ වී නැහැ. මෙම අතුරුදන් වීම සම්බන්ධ විමර්ශන මේවන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන සහ සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසයට භාරදී තිබෙනවා.

කොටදෙණියාව - වත්තේමුල්ල - බාඳුරාගොඩ ප්‍ර දේශයේ පදිංචිව සිටි දස හැවිරිදි සහ 12 හැවිරිදි මෙම පිරිමි ළමුන් දෙදෙනා අතුරුදන්ව අදට දින 39ක කාලයක් ගතවී අවසන්. මෙලෙස අතුරුදන්ව සිටින්නේ අකිල දේදුණු නම් දරුවෙක් සහ කවීෂ සඳකැළුම් නම් ඔහුගේ ඥාති සොහොයුරෙක්. කොටදෙණියාව පොලිසිය මගින් විශේෂ විමර්ශන කණ්ඩායම් දෙකක් ඔවුන් සොයා මෙහෙයුම් දියත් කළත් තවමත් කිසිදු තොරතුරක් අනාවරණ වී නැහැ.

අවස්ථා කිහිපයකදී හිරු ප්‍රවෘත්ති විශේෂ කණ්ඩායම් ද එම දරුවන් පදිංචිව සිටි නිවසට ගිය අතර අතුරුදන්ව සිටින අකිල දේදුණු නම් දරුවාගේ මව එහිදී දේවාලයක් සම්බන්ධයෙන් මෙලෙස කරුණු හෙළිකළා. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න. 
JOIN NOW