ඇඳිරි නීති කාලසීමාවේදී සේවා 19කට අවසර ?

By Sewvandhi Aug 21, 2021 06:30 AM GMT
Sewvandhi

Sewvandhi

Report

නිරෝධායන ඇඳිරි නීතිය පැනවීමත් සමග පවත්වාගෙන යාමට අවසර හිමිවන සේවා 19 ක් පිළිබඳ කරුණු පැහැදිලි කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව පහත සේවාවන් සඳහා නිරෝධායන ඇඳිරි නීතිය බලපැවැත්වෙන කාලය තුළ තම කටයුතු සිදුකරගෙන යා හැකියි.

01.සෞඛ්‍ය සේවා

02.පොලිස් ස්ථාන

03.ග්‍රාම නිළධාරීන්

04.සියලු ක්ෂේත්‍ර නිළධාරීන්

05.පළාත් පාලන අංශ

06.ජල – විදුලිය – ඉන්ධන පිරවුම්හල් – ගෑස් මධ්‍යස්ථාන

07.ගරාජ වැනි උපයෝගීතා සේවා

08.කෘෂිකාර්මික අංශ

09ඔන්ලයින් ක්‍රමයට බෙදා හැරීම් සිදුකිරීම සඳහා ග්‍රොසරි හා සුපිරි වෙළඳ සැල්

10.ඖෂධ වෙළඳසැල්

11.අත්‍යවශ්‍ය සේවා බෙදා හැරීම්

12.ඩිලිවරි ක්‍රමයට බේකරි නිෂ්පාදන බෙදා හැරීම්

13.බැංකු

14.ඉදිකිරීම් වැනි දෛනික වැටුප් ලබන කම්කරුවන්

15..සංචාරක අංශ

16..අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් ප්‍රවාහන කටයුතු

17..කොවිඩ් නොවන මරණ සඳහා අවමංගල්‍ය කටයුතු

18..දිස්ත්‍රික් කොවිඩ් කමිටු මගින් අනුමැතිය දෙන වෙනත් ඕනෑම අංශයක්

19.අත්‍යවශ්‍යම කරුණක් සඳහා නිවසකින් එක් අයෙකුට පමණක් බැහැරවීම

මේ අතර අවුරුදු 65 ට වැඩි නිධන්ගත රෝග සහිත කිසිවෙකුත් වෛද්‍යමය අවශ්‍යතාවයකට හැර නිවසින් බැහැර නොවිය යුතු අතර කිසිදු පුද්ගලික හමුවීම් යොදාගත නොහැකියි.

එමෙන්ම ආගමික රැස්වීම්, අවන්හල්, හෝටල්, උපකාරක පංති, ක්‍රීඩා කටයුතු, සිනමා ශාලා, ස්පා වැනි දෑ පවත්වාගෙන යාමට කිසිඳු අවසරයක් හිමිවන්නේ නැහැ.

එමෙන්ම,මේ මොහොතේ රට වසා දමා තිබුණ ද සංචාරකයින් සඳහා රට විවෘත බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කරයි. මෙරටට පැමිණීමට බලාපොරොත්තුවෙන් සිටි සංචාරකයන් දැනටමත් ගුවන් ටිකට්පත් සහ හෝටල් සඳහා මුදල් ගෙවා ඇති බවත් එම තත්වය යටතේ ඔවුන් අපහසුතාවයට පත් කිරීමට නොහැකි බවත් ඔහු පෙන්වා දෙයි.

ගුවන් තොටුපල හා සංචාරක සේවාවන් අත්‍යවශ්‍ය සේවාවන් ලෙස අඛණ්ඩව පවත්වාගෙන යාමට රජය තීරණය කර ඇති බවද ඔහු පැවසීය. මෙරට පැමිණෙන සංචාරකයන් සඳහා එන්නත් මාත‍්‍රා දෙකම ලබා ගැනීමට ද අනිවාර්ය කර ඇතැයි ඔහු තව දුරටත් කියා සිටියේය.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


GalleryGallery