තනි රෝදයෙන් යතුරු පැදි පැදවූ තරුණයන් 18ක් අත්අඩංගුවට

Report

මහරගම පොලිසිය සඳහන් කළේ, මහරගම පන්නිපිටිය හයිලෙවල් මාර්ගයේ මුදල් ඔට්ටුවේදී තනි රෝදයෙන් යතුරු පැදි සහ ත්‍රී රෝද රථ පැදවමින් තිබූ තරුණයන් 18 දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි.

එම සැකකාරයන් සමඟ යතුරුපැදි 11 ක් සහ ත්‍රී රෝද රථයක්ද පොලිස් භාරයට ගෙන තිබේ. මහරගම පොලිසියේ රථ වාහන අංශයට පෙර ලැබුණු තොරතුරක් අනුව, මෙම තරුණයන් වට්සැප් සමූහයක් ඔස්සේ සම්බන්ධ වී මුදල් ඔට්ටුවට යතුරුපැදි සහ ත්‍රී රෝද රථ පදවීමට සූදානම් වී තිබූ බවද, නිලධාරීන් සූක්ෂම ලෙස ඒ සම්බන්ධතා මැතින් අවධානය යොමු කළ බවද පොලිසිය පැවසීය.

සියලු පාසල් දරුවන්ට සහ ගුරුවරුන්ට විශේෂ නිවේදනයක්

සියලු පාසල් දරුවන්ට සහ ගුරුවරුන්ට විශේෂ නිවේදනයක්

තවත් වාර්තා අනුව, තරුණයන් මධ්‍යම රාත්‍රියේ යතුරුපැදි අනාරක්ෂිත ලෙස ධාවනය කිරීමෙන් පොලිසියට ඇමතුම් ලැබුණු අතර, එම අවස්ථාවේදී සැකකරුවන් පිරිස කොටු කර ගැනීමට නිලධාරීන් සමත්වී ඇත.

එහිදී, සමහර තරුණයන් තරුණියන් ද යතුරුපැදියේ පිටුපස තබාගෙන තරඟකරමින් ධාවනය කරන අයුරු දැකගත හැකි විය. 

අත්අඩංගුවට ගත් තරුණයන් පිරිස හෝමාගම මහරගම මත්තේගොඩ කොට්ටාව සහ අවට පදිංචිකරුවන්ය. එම තරුණයන් පිරිස නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.  

සහන අරමුදල් බෙදාහැරීමට නිවේදනයක්

සහන අරමුදල් බෙදාහැරීමට නිවේදනයක්