විදුහලක සිසුන් 18 දෙනෙක් හදිසියේම රෝහල්ගත කෙරේ.

Sri Lankan Schools School Incident
By Gagana Feb 14, 2024 06:20 AM GMT
Gagana

Gagana

Report

වැල්ලවාය මල්වත්තාවල ප්‍රාථමික විද්‍යාලයේ සිසුන් 18ක් අද (14) රෝහල් ගත කර තිබෙනවා.

හදිසියේම මෙම දරුවන්ට කැසීම හා පලු දැමීම සිදුවී ඇති බැවින් මෙලෙස රෝහල් ගත කර ඇති බවයි සඳහන් වන්නේ.

වාර්තාකරු පැවසුවේ අදාළ විදුහලේ 05 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන් පිරිසකට මෙම ආසාත්මිකතාවය වැළඳී ඇති බවයි.

කෙසේ වෙතත් රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ මේ වනවිට සිසුන්ට කඩිනමින් වෛද්‍ය ප්‍රතිකාර ලබාදී ඇති අතර ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බවයි.

ReeCha