ඉන්දුනීසියාවේ වැඩිහිටි නිවාසයක ඇති වූ ගින්නකින් 16දෙනෙකු මරුට
By Kanchana
ඉන්දුනීසියානු දූපතක් වන සුලවේසිහි වැඩිහිටි නිවාසයක ඇති වූ ගින්නකින් පුද්ගලයින් 16දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. ඒ වගේම තවත් පුද්ගලයින් 12දෙනෙකු පමණ තුවාල ලබා රෝහල් ගත කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා වල සදහන් වේ.
ඊයේ (28) රාත්‍රී 8:31ට පමණ මෙම ගින්න හටගෙන ඇති බව වාර්තා වේ.
එම ගින්න ඇතිවන අවස්ථාවේ වැඩිහිටියන් බොහෝ දෙනෙක් සිය කාමරවල විවේකීව සිට ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
ඒ වගේම මියගිය බොහෝ දෙනෙකුගේ මළ සිරුරු ඔවුන්ගේ කාමර තුළ තිබී හමු වූ බව ද සඳහන්ය.
ඉන්දුනීසියාවෙන් මාරාන්තික ගිනි ගැනීමේ සිදුවීම් බහුල වශයෙන්ම වාර්තා වෙනු ලබයි.
ඒ අනුව මේ මාසයේම ඉන්දුනීසියාවේ අගනුවර වන ජකර්තාහි සත් මහල් කාර්යාල ගොඩනැගිල්ලක ඇති වූ ගින්නකින් ද අවම වශයෙන් පුද්ගලයින් 22ක් පමණ මිය ගිය බව වාර්තා විය.