පකිස්තානයේ ඇමතුම් මධ්‍යස්ථානයක වැටලීමක් - ලාංකිකයන් ඇතුළු 149 දෙනෙකු අත්අඩංගුවට

Report

පකිස්තානයේ ෆයිසලාබාද් හි පිහිටි වංචනික ඇමතුම් මධ්‍යස්ථානයකට එරට බලධාරීන් විසින් සිදු කරන ලද විශාල වැටලීමකදී පුද්ගලයින් 149 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, එම පිරිස අතර ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු ද සිටින බව පකිස්තානයේ ජාතික සයිබර් අපරාධ විමර්ශන ඒජන්සිය (NCCIA) තහවුරු කර තිබේ.

ලැබුණු තොරතුරකට අනුව සිදු කරන ලද මෙම වැටලීමේදී, පොන්සි යෝජනා ක්‍රම සහ ව්‍යාජ ආයෝජන වංචා සම්බන්ධ මහා පරිමාණ මෙහෙයුමක් අනාවරණය වූ බව NCCIA නිලධාරීන් ප්‍රකාශ කළහ. ඉහළ අස්වැන්නක් ලබා දෙන ආයෝජන අවස්ථා මුවාවෙන්, බොහෝ පුද්ගලයින් රැවටූ බවට චෝදනා එල්ල වී ඇති අතර, ඒ හරහා විශාල මුදල් ප්‍රමාණයක් මාරු කර ගැනීමට ඔවුන් සමත්ව ඇත.

ජනතාවට බර, මන්ත්‍රීන්ට ජොලි - ජගත්ගේ අනාවරණයෙන් GMOA කැළඹෙයි

ජනතාවට බර, මන්ත්‍රීන්ට ජොලි - ජගත්ගේ අනාවරණයෙන් GMOA කැළඹෙයි

අත්අඩංගුවට ගත් පිරිස අතර පකිස්තාන ජාතිකයින් 78 දෙනෙකු, චීන ජාතිකයින් 48 දෙනෙකු, නයිජීරියානුවන් 8 දෙනෙකු, පිලිපීන ජාතිකයින් 4 දෙනෙකු, බංග්ලාදේශ ජාතිකයින් 6 දෙනෙකු, මියන්මාර ජාතිකයින් 2 දෙනෙකු, සිම්බාබ්වේ ජාතිකයෙකු සහ ශ්‍රී ලාංකිකයින් 2 දෙනෙකු ඇතුළත් වේ.

මේ සම්බන්ධයෙන් NCCIA විසින් වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර ඇති අතර, මෙම වංචනික මෙහෙයුමේ සම්පූර්ණ විස්තර හෙළි කිරීමට බලධාරීන් කටයුතු කරමින් සිටී.

අද ලග්න පලාපල – 2025 ජූලි 11 | අද ලග්නය කියන රහස මෙන්න - ඔබත් පුදුම වෙයි

අද ලග්න පලාපල – 2025 ජූලි 11 | අද ලග්නය කියන රහස මෙන්න - ඔබත් පුදුම වෙයි

නිල සාරියකින් අප්සාරි - සමාජ මාධ්‍ය රඟදක්වයි!

නිල සාරියකින් අප්සාරි - සමාජ මාධ්‍ය රඟදක්වයි!