ජනතාවට බර, මන්ත්‍රීන්ට ජොලි - ජගත්ගේ අනාවරණයෙන් GMOA කැළඹෙයි

Report

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) විසින් තොරතුරු දැනගැනීමේ පනත (අංක 12, 2016) යටතේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප් සහ දීමනා සඳහා උපයන විට ගෙවීමේ බද්ද (APIT) ගණනය කිරීමේ ක්‍රමවේදය පිළිබඳ විස්තර ඉල්ලා ඇත.

මෙම ඉල්ලීම කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතානගේ මහතා විසින් සමාජ මාධ්‍ය ඔස්සේ සිය වැටුප් තොරතුරු හෙළිදරව් කිරීමත් සමඟ ඉස්මතු වී තිබේ.

වෘත්තීයවේදීන් පෙන්වා දෙනුයේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආදායම්වලට සාපේක්ෂව ඔවුන්ට අය කරනු ලබන උපයන විට ගෙවීමේ බදු (PAYE Tax) මුදල අතිශයින් අඩු මට්ටමක පවතින බවයි. මෙම තත්ත්වය හමුවේ, GMOA හි ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස මහතා විසින් පාර්ලිමේන්තුවේ මහලේකම්වරයා වෙත යොමු කරන ලද ලිපියක් මගින්, 2025 ජුනි 30 වන දින වන විට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ගෙවන ලද දීමනා සම්බන්ධයෙන් පහත සඳහන් තොරතුරු ඉල්ලා ඇත:

නිල සාරියකින් අප්සාරි - සමාජ මාධ්‍ය රඟදක්වයි!

නිල සාරියකින් අප්සාරි - සමාජ මාධ්‍ය රඟදක්වයි!

  1. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ගෙවනු ලබන දීමනාවල වර්ග.
  2. සියලුම මන්ත්‍රීවරුන්ට එකම දීමනා ප්‍රමාණයක් ගෙවන්නේ ද යන්න.
  3. විවිධ දීමනා ප්‍රමාණයක් ගෙවන්නේ නම්, ඒවා කාණ්ඩකරණය සඳහා භාවිතා කරන නිර්ණායක සහ කාණ්ඩ මොනවාද යන්න.
  4. උපයන විට ගෙවීමේ බද්ද (APIT) සඳහා අදාළ වන අනුපාත මොනවාද යන්න.
  5. උපයන විට ගෙවීමේ බද්ද ගණනය කිරීම සඳහා දීමනාවලින් නිදහස් කිරීම් තිබේද යන්න.
  6. එවැනි නිදහස් කිරීම් තිබේ නම්, ඒවා ආවරණය වන නීතිමය ප්‍රතිපාදන සහ නිදහස් කිරීම් මොනවාද යන්න.
  7. මන්ත්‍රීවරුන් සඳහා විශ්‍රාම වැටුප ගණනය කරනු ලබන්නේ කෙසේද යන්න.
  8. උපයන විට ගෙවීමේ බද්ද (APIT) ගණනය කිරීම සඳහා විශ්‍රාම වැටුපෙන් නිදහස් කිරීම් තිබේද යන්න.

අද ලග්න පලාපල – 2025 ජූලි 11 | අද ලග්නය කියන රහස මෙන්න - ඔබත් පුදුම වෙයි

අද ලග්න පලාපල – 2025 ජූලි 11 | අද ලග්නය කියන රහස මෙන්න - ඔබත් පුදුම වෙයි

තොරතුරු දැනගැනීමේ පනත (අංක 12, 2016) යටතේ, GMOA සංගමය විසින් ඉල්ලා ඇත්තේ මෙම තොරතුරු වැඩකරන දින 14ක් ඇතුළත ලබා දෙන ලෙසයි.

මෙම ඉල්ලීම රජයේ විනිවිදභාවය සහ බදු පද්ධතියේ සාධාරණත්වය පිළිබඳ පුළුල් සමාජ කතිකාවකට මං පාදනු ඇතැයි අපේක්ෂා කෙරේ.

දරුවෙක් ලැබෙන්න ඉන්න අම්මෙක්ට මෙහෙමත් කියනවද? තිසර පෙරේරාගේ බිරිදට පළමු බිරිද කියන කතා

දරුවෙක් ලැබෙන්න ඉන්න අම්මෙක්ට මෙහෙමත් කියනවද? තිසර පෙරේරාගේ බිරිදට පළමු බිරිද කියන කතා