සුරේෂ් සලේ වෙනුවෙන් විපක්ෂය පෙරට - නිදහස ඉල්ලා අත්සන් ලක්ෂයක්
මේ වනවිට රැදවුම් නියෝග මත අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටින හිටපු යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂක විශ්‍රාමික මේජර් ජනරාල් සුරේෂ් සලේ රණවිරුවා අත් අඩංගුවට ගැනීමට එරෙහිව වෙනුවෙන් ජනතා අත්සන් ලක්ෂයක් ලබා ගැනීමේ වැඩසටහනනෙහි දෙවන දිනය අද (15) දින හෝමගම නගරයේ ධර්මපාල පිලිරුව ඉදිරිපිටදී සිදු කර තිබුණි.
නව ජනතා පෙරමුණ ඇතුලු ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායම මගින් සංවිධානය කළ මෙම වැඩසටහනෙහි පලමු වැඩසටහන පෙරේදා (14) දින මහරගම නගරයේදී පැවැත්විය.
මෙම වැටහන සංවිධානය කර ඇත."රණවිරු සුරේෂ් සලේ දගගෙට යවන මර්ධනකාරී ආණ්ඩුවට එරෙහිව පලමු හඩ" යනුවෙනි.
මෙ මහා සංඝරත්නයේ ආශිර්වාද මධ්‍යයේ නව ජනතා පෙරමුණ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයේ ජනතා නියෝජිතයින්ගේ සහභාගිත්වයෙන් මෙම අත්සන් ලබා ගැනීම සිදුව තිබේ '