බන්ධනාගාර සිද්ධියෙදි නිලධාරීන්ට පහරදීමට ගත් පොලුමුගුරු 1000කට අධික ප්‍රමාණයක් සොයා ගයි - පොල් ගෙඩිවලිනුත් ගහපු බව එළිවෙයි
මීගමුව බන්ධනාගාරයේ ගැටුමේදී එහි රැඳවියන් නිලධාරීන්ට පහරදීමට යොදාගත් බව කියන තියුණු ආයුධ තොගයක් විමර්ශන අතරතුරදී පොලිසිය විසින් සොයාගෙන ඇත.
එම ආයුධ අතර පොලුමුගුරු 1000කට අධික ප්‍රමාණයක් තිබූ බව පොලිසිය පවසයි.
එසේම රැඳවියන් බන්ධනාගාර මුළුතැන්ගෙයි තිබූ පොල් ගෙඩි ද රැගෙනවිත් ඒවායෙන් ද නිලධාරීන්ට පහර දී ඇති බව විමර්ශනවලදී හෙළිව තිබෙනවා.
ඉකුත් දා සිදු වු මීගමුව බන්ධනාගාරයේ ඛේදවාචකයෙන් එහි නිලධාරීන් 8 දෙනෙක් හා රැඳවියන් 21 දෙනෙකු මිය ගියා.
පොලීසිය සඳහන් කළේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ඇරඹූ අතර බන්ධනාගාරය තුළ සිදුකළ පරීක්ෂාවේදී පොලුමුගුරු දහසකට අධික ප්‍රමාණයක් සොයාගත් බවයි.
එසේම තියුණු ආයුධ රැසක් හා යකඩ පොලු තොගයක් ද එහිදී සොයාගෙන ඇත. මේ අතර ගැටුම අතුරතුරදී රැඳවියන් බන්ධනාගාර මුළුතැන්ගෙය කඩා තියුණු ආයුධ ලබාගෙන ඇති බව වාර්තා වේ.
එමෙන්ම මීගමුව බන්ධනාගාරයෙන් වෙනත් බන්ධනාගාරවලට රැඳවියන් මාරුකිරීමත් සමඟ ඒවායේද ඉඩ තවදුරටත් අවම වීම මත ගැටලුකාරී තත්ත්වයක් හටගෙන ඇති බව වාර්තා වේ.
එසේ වෙනත් බන්ධනාගාරවලට මාරුකළ රැඳවියන්ට ඒවායේ සිටින සෙසු රැඳවියන් පහරදී ඇති බවට ද තොරතුරු සඳහන්.
අන්දමන් දූපත්වල සුනාමි ඇති වුණොත් විනාඩි 40න් ලංකාවට එනවා එහෙම වුණොත් මිලියන 3.8ක මිනිස්සු.. ලංකාවම විනාස වෙන බවට අනතුරු ඇඟවීමක්